Advertisement


කොරෝනා රෝගය වැළදීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලේදී 69 හැවිරිදි වෛද්‍යවරයකු මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වෛද්‍ය පණ්ඩිතන් මහතා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම වෛද්‍යවරයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර කොරෝනා රෝගය වැළදීමෙන් පසු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව දැනගන්නට ඇත.

දීර්ඝ කාලයක් රජයේ සේවයේ නියැලීමෙන් පසු පණ්ඩිතන් මහතා කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පෞද්ගලික වෛද්‍ය රාජකාරියේ නිරතව සිට ඇත.

කොරෝනා රෝගය වැළදී මියගිය ලංකාවේ පළමු වෛද්‍යවරයා‌ ලෙසද පණ්ඩිතන් මහතා සැලකේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements