Featured News

Video Gossip

Advertisement

සැකකරු වසර පහක පමණ කාලයක් පාසල් ගුරුවරියක සමග අනියම් පෙම් සබඳතාවක

අනියම් පෙමට පිටුපෑ තම අනියම් බිරිය වන ගුරුවරියක කැබ් රථයක හප්පා මරා දැමීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පදවිය පොලිසියේ රථවාහන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කුලී රථ රියැදුරකු අද 16 දක්වා රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළේය.

සැකකරු අද (16) දින පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදී තමා හමුවට යළි ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ රිමාන්ඩ්ගත කරනු ලැබුවේ පදවිය බී යාය අංක 285 ලිපිනයේ ආර්.එම්. බිමල් කසුන් රත්නායක නමැති කුලී රථ රියැදුරෙකි. බී වාර්තතාවක් මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පදවිය පොලිසියේ රථවාහන අංශයේ සැරයන් (21504) ධම්මික මහතා සඳහන් කළේ සැකකරු වසර පහක පමණ කාලයක් පාසල් ගුරුවරියක සමග අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදෙනා පදවිය මූලික රෝහලේත්, තවත් තැනැත්තියක් වව්නියාව මහ රෝහලේත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද අධිකරණයට දැනුම් දුන් සැරයන් ධම්මික මහතා අපරාධය පිළිබඳව සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති නිසා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ද අයැද සිටියේය.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළේ මිනී මැරීමට තැත් කිරීම, බරපතළ තුවාල සිදු කිරීම, සුළු තුවාල සිදු කිරිම, සාක්ෂි වසන් කිරීම, තුවාලකරුවන් රෝහලට රැගෙන නොයෑම සහ අපරික්‍ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේය. අපරාධය සඳහා යොදා ගත් කැබ් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ. මෙම පැමිණිල්ල වෙනුවෙන් සැරයන් ධම්මික මහතා පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ රංග සුජීව මහතා පෙනී සිටියේය.

පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජය කුමාරසිරි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක සිසිර කුමාර මහතාගේ මෙහෙයවීම මත සැරයන් ධම්මික මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරති.


- උපාලි ආනන්ද -


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements