Featured News

Video Gossip

Advertisement


දැඩි පාලනයක් සහිත මත්ද්‍රව්‍ය කාණ්ඩයෙන් ගංජා (කංසා) ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසම UN Commission On Narcoitvc Drags (CND) තීරණය කර ඇත.
පසුගිය බදාදා (02 වැනිදා) ඕස්ට්‍රියාවේ, වියානා නුවරදී රැස් වූ එම කොමිසමේ වාර්ෂික සම්මේලනයේ දී සාමාජික රටවල බහුතර කැමැත්ත මත මෙම තීරණයට එළැඹ තිබේ.

ඒ අනුව සාමාජික රටවල ඡන්ද 27කින් 25ක් ලබා ගනිමින් මෙලෙස ගංජා ‘දැඩි පාලනයක් නොමැති’ වර්ගීකරණය ඇතුළත් කෙරිණි. ඖෂධ සැපයීම පිළිබඳ විශේෂඥ කමිටුව විසින් වෛද්‍ය භාවිතය වෙනුවෙන් ගංජා සාධනීය ලෙස යොදාගත හැකි බවට විවේචනාත්මක සමාලෝචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොමිසම මෙම නීති ලිහිල් කිරීම සිදු කර ඇත. කොමිසම පවසන්නේ දැඩි සලකාබැලීම්වලින් අනතුරුව 1961 සම්මුති​යේ IV වන උපලේඛනයේ (දැඩි පාලනයක් සහිත මත්ද්‍රව්‍ය) ගංජා ඉවත් කිරීමට තීරණය කළ බවයි.

නයන තරංග ගමගේ


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements