Featured News

Video Gossip

Advertisement

හිරගෙදර දොස්තරගෙන් පැමිණිල්ලක් 
වෛද්‍යවරුන්ගේ සංගමය කරනු දක්වයි

මහර බන්ධනාගාරයේ ඇති වූ වාතාවරණයට තමන් සම්බන්ධ බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම බන්ධනාගාරයේ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනවැන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට වාචිකව පැමිණිලි කර තිබෙනවා.

මේ පිළිබඳව ලිඛිතව අද (03 වැනිදා) දිනයේ පැමිණිලි කිරීමටද ඔහු බලාපොරොත්තු වෙයි. තමන් 2019 ඔක්තෝබර් මස 31 වැනි දින මහර බන්ධනාගාරයේ සේවයට වාර්තා කළ බවත් 2020 වසරට අවශ්‍ය ඖෂධ ඊට පෙර සිටි වෛද්‍යවරයා ඇණවුම් කර තිබූ බවත් ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බව සඳහන්.

සාමාන්‍යයෙන් වෛද්‍ය සැපයුම් අංශය මාස තුනකට වරක් බන්ධනාගාරවලට ඖෂධ නිකුත් කරනු ලබනවා.

මෙම බන්ධනාගාරයේද මානසික ​රෝගීන් තිස් දෙනකුට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවූවන්ට ලබා දෙන ඖෂධ වර්ග අටක් තිබූ අතර, එම ඖෂධ බාහිර රෝගී අංශයේ තබා තිබූ බවද වාර්තා වනවා.

වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත යොමු කළ රැඳවූවන්ට පී.සී.ආර්. පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛවලට අනුව සිදු කළ බවද එම වෛද්‍යවරයා සෞඛ්‍ය සේවා ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

මේ අතර මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධවලින් ප්‍රචණ්ඩත්වයක් ඇති නොවන බවත් කලහකාරී බව අඩුවන බවත් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරී හැසිරීමට මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ හේතු වූ බව මාධ්‍ය මගින් පළකර ඇති වාර්තා ප්‍රතික්ෂේප කරන බවද එම සංගමය සඳහන් කරනවා.

මෙවැනි ප්‍රකාශ තුළින් ජනතාව තුළ වැරැදි ආකල්පයක් මානසික රෝග හා ප්‍රතිකාර පිළිබඳව ඇති වන බවද සංගමය පෙන්වා දෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements