Featured News

Video Gossip

Advertisement


බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.

එම රෝගියාට කලින් දැනුම් දුන් පරිදි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාම සඳහා ගිලන් රථයක් සමඟ අටලුගම ඔහුගේ නිවස අසලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගිය අවස්ථාවේදී ආවේගශීලිව ඔවුන්ට බැණ බැන වැදී රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කැබ් රථයේ නැගී නැවත කාර්යාල වෙත පැමිණීමට සූදානම් වීමේදී ආසාදිත පුද්ගලයා එකවරම කැබ් රථය අසලට පැමිණ එහි දොර බලහත්කාරයෙන් විවෘත කර “උඹලටත් කොරෝනා හදන්න ඕනේ” යැයි කෑගසා පවසමින් කැබ් රථය තුළ සිටි නිලධාරීන් දෙසට කෙළ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය මෙසේ පැවසුවාය.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළා. අටුලුගම ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තියෙන්නේ. ඉදිරි කටයුතු පිළිබඳ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.

ඒ වගේම මෙම සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සහ කැබ් රථයේ රියැදුරුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලබාදුන් බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

– lankadeepa


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements