අබුඩාබි හිදී අත්අඩංගුවට ගත් ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලංකාවට ගේන්න සැළසුම්
gossip lanka
,
hot news
,
mini-gossip
,
News
පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් අබුඩාබි හිදී අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන ධර්මසිරි පෙරේරා මෙරටට ගෙන්වා ගැනීමට ඉන්ටර්පොල් සහ එරට තානාපති කාර්යාලය සමග එක්ව පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඉකුත් මැයි මාසයේදී මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාර එල්ල කර අලාභහානි සිදු කිරීමට අදාලවද චෝදනා එල්ලවී තිබුණේද මෙම සැකකරුමයි.
ඉකුත් මැයි මස 19 වැනිදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට කිසියම් පිරිසක් පහරදී තිබූ අතර , මැයි මස 28 වැනිදාද එම හෝටලය අසලට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා.
වෙඩි තැබීමේ සිදුවීමෙන් විනාඩි කිහිපයකට පසුව අදාල හෝටලයේ හිමිකරුට ඩුබායි රාජ්‍ය යේ සිට දුරකතන ඇමතුමකින් මරණීය තර්ජන එල්ල කර තිබුණා.
මෙම සිදුවීමට අදාලව ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පැවැත්වුණා.
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින ධර්මසිරි පෙරේරා නැමැත්තා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගැනුණේ එම විමර්ශනවලට අනුවයි.
එම වරෙන්තුව අන්තර්ජාතික පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ධර්මසිරි පෙරේරා නැමැත්තාට එරෙහිව අන්තර් ජාතික පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කළා.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබී පොලිසිය විසින් නොවැම්බර් 29 වැනිදා ධර්මසිරි පෙරේරා නැමැත්තා අත්අඩංගුවට ගත් බව දැනුම්දී තිබෙනවා.
අත්අඩංගුවට ගෙන සිටින ධර්මසිරි නැමැත්තා 2018 වසරේ මැයි මස 24 වැනිදා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ පියා වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතන සිද්ධිය මෙහෙය වූ සැකකරු ලෙස හඳුනාගෙන තිබෙනවා.
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා මහතාගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කළා.
අදාල සැකකරු විසින් 2018 මාර්තු 08 වැනිදා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම.
2018 දෙසැම්බර් 05 වැනිදා පොද්දලගේ උදාර සඳරුවන් හෙවත් ‘උදාර‘ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම.
2019 ජනවාරි 10 වැනිදා සුමුදු සෙනවිරත්න නොහොත් ‘කුමාර‘ නැමැත්තා පිළියන්දල දී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම.
2019 සැප්තැම්බර් 02 වැනිදා ගල්කිස්සේ මහේෂ් උදය කුමාර ඩයස් රත්වත්තේ තියුණු ආයුධවලින් ඇන ඝාතනය කිරීම.
2020 මාර්තු 11 වැනිදා ගල්කිස්ස සිංහාරගේ විශාඛා දිල්රැක්ෂි නැමැත්තියගේ නිවසේ දොර කඩා ඇතුළු වී සිංහාරගේ දමිතා සිල්වා නැමැත්තිය තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමට සැලසුම් කිරීම.
2020 පෙබරිවාරි 06 වැනිදා සාලිය විජේසිංහ නැමැත්තාගේ මොරටුවේ පිහිටි නිවසට පැමිණ පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමට සැලසුම් කිරීම.
2020 මැයි 19 වැනිදා ගල්කිස්ස සොයිසාපුර පිහිටි ‘මහගෙදර ‘හෙවත් ‘ලක්මැදුර‘ වෙළෙඳසැළට තියුණු ආයුධවලින් පහර දී අලාභ කිරීම හා පුද්ගලයෙකුට තුවාල කිරීම.
සහ ගල්කිස්සේ දී ටී - 56 ගිනි අවි 2ක්, කඩු , පිහි සහ මන්නා රැගෙන චන්දන තිලකරත්න නොහොත් ‘එයාර්ෆෝස් සම්පත් නැමැත්තාගේ ගේ නිවසට පැමිණ තර්ජනය කිරීම. යන අපරාධ සිදු කර ඇති බවට වාර්තා වනවා.


