Advertisement


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වන බව දිවයින පුවත්පත වාර්තා කරයි. 
එම පක්ෂයේ ඉහළ නායකයන් මේ වන විට මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ඇති අතර එහිදී ආණ්ඩුව තම කණ්ඩායමට දක්වන නොසැලකිල්ල ට යම් රැඩිකල් ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බවට බහුතරයකගේ කැමැත්තෙන් එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු අවසන් නොවීම ඉහත තීරණය ගැනීම ප‍්‍රමාද කිරීමට හේතුවක් වී ඇති බවත් එම කොමිසමේ අවසන් විමර්ශන වාර්තාව අනුව ඉදිරි තීරණ ගැනීමට නියමිත බවත් පැවැසේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමඟ එක්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements