Featured News

Video Gossip

Advertisement


එළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ගුවන්විදුලි නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උත්සව සමයේ හුදෙකලා තත්ත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තවමත් කල් වේලා පවතින බවයි.

කෙසේ වෙතත් ජනතාව සතුව මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද යුද හමුදාපතිවරයා සදහන් කලා. එබැවින් බස්නාහිර පළාතෙන් බැහැරට යාම හැකිතාක් අවම කරන ලෙසයි යුද හමුදාපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනටමත් ජනතාව හෝටල් වෙන් කර ගෙන ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා. එබැවින් එලෙස වෙන් කර ගෙන ගෙන ඇති හෝටල් හිමිකරුවන් හට ද දැඩි වගකීමක් පැවරෙන බවයි යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කලේ.

මේ අතර, උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් ඉලක්ක කර අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ඊයේ සිට ආරම්භ වුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements