Featured News

Video Gossip

Advertisement

එලියට් පේජ් සංක්‍රාන්තික ලිංගිකයෙක් බව පිළිගනී

X-Men කියන්නේ සුපිරි වීරයන් කණ්ඩායමකගේ ක්‍රියාකාරකම් රැගත් චිත්‍රපට මාලාවක්. මෙයට පාදක වී තිබෙන්නේ ස්ටෑන් ලී හා ජැක් කර්බි විසින් රචනා කළ X-Men නම් හාස්‍යමය කතා පෙළක්. X-Men චිත්‍රපට මාලාව කෙතරම් ජනප්‍රිය වූවාද පවසතොත් එය ඇමරිකානු ඩොලර් බිලියන 1.748කට අධික ආදායමක් උපයා තිබෙනවා. ඊට ඇතුළත් චිත්‍රපට ගණන 13ක්.

මෙම චිත්‍රපට මාලාවේ රඟපෑ නිළියක් වන එලියට් පේජ්, තමා සංක්‍රාන්තික ලිංගිකයකු බව පසුගියදා ප්‍රකාශ කළා. ඔහු සමාජ ජාල අඩවි කිහිපයකම ඒ බව සඳහන් කර තිබෙනවා.

‘‘මා සංක්‍රාන්තික ලිංගිකයෙක් බව ඔබලාට පැවසිය යුතුයි. ඔබේ දිරිමත් කිරීම්වලට ස්තුතියි. මේ ලෝකය සමානත්මතාවයෙන් යුතු තැනක් බවට පත්කිරීමට තවදුරටත් මා කැපවෙනවා.’’ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

X-Men ට අමතරව ඇය වඩාත් ජනප්‍රිය වැඩසටහනක් වූ ‘ජුනෝ’ හිද රංගනයේ යෙදුණි. ඒ එලන් ජෙප්ගේ චරිතය රඟපාමින්.

ඇතැම් රටවල සංක්‍රාන්තික ලිංගිකයන්ට හිරිහැරයක් නොවුණත් බොහෝ විට ඔවුන්ට සලකනු ලබන්නේ නිර්දය ආකාරයෙන්. 2020 වසරේදී පමණක් සංක්‍රාන්තික ලිංගිකයන් 40ක්වත් ඝාතනය කර ඇති බව පැවසෙනවා. ඉන් බහුතරයක්ම කළු ජාතික හා ලතින් ඇමරිකානු සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්.

‘‘ඔවුන්ගේ අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මා උත්සාහ ගන්නවා. සංක්‍රාන්තික ලිංගිකත්වයේ සිටින වැඩිහිටියන් 40%ක්ම සිය දිවි නසා ගැනීමට උත්සාහ දරනවා. ඊට හේතුව සමාජයෙන් ඔවුනට එල්ල කෙරෙන පීඩනය. ඔවුන්ගේ බලපෑමට ඉඩ දී බලා සිටීමට අපට හැකියාවක් නැහැ.’’එලියට් පවසා සිටියා.

LGBT අයිතිවාසිකම් පිළිබඳ වාචික උපදේශකවරයකු ලෙස ඔහු කටයුතු කරන්නේ දශකයකට වැඩි කාලයක් තිස්සේයි. 2018දී එලියට් නර්තන ශිල්පිනියක වන එමා පෝට්නර් සමග විවාහ වුණා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements