Advertisement


බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් දරැවන් වෙත මාර්ග ගත ඔන්ලයින් (online) ක්‍රමයට (Zoom) තාක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන අවස්ථාවෙිදි දරැවන්ගේ ජංගම දුරකතන වෙත WhatsAppමගින් අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති බව පවසා එම පාසලේ පංති භාර ගුරැතුමිය විසින පැමිණිල්ලක් කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

එම පංතියේ ඉගනුම ලබන දරැවන් 50 දෙනෙකු සහ ගුරැවරැන් 23 දෙනෙකු එකතු කර WhatsApp කණ්ඩායමක් සකස් කර දරැවන්ට ඉගැන්විම කටයුතු කරන බවත් එලෙස උගන්වන අවස්ථාවෙිදි කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් එම WhatsApp කණ්ඩායම වෙත ( group ) එක එම අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති අතර දරැවන් පනස් දෙනාගේ සහ ගුරැවරැන් ගේ ජංගම දුරකතන වලට එම දර්ශනය එකම වෙිලාවෙිදි පැමිණි ඇති බවත් එම පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවැසීය.

මෙිි සමිබන්දයෙන් විදුලි සංදේෂණ නියාමන කොමිසමි සභාවේ දුරකතන විශ්ලේෂණය ලබා ගෙන එම අපරාධය සිදු කල අය හදුනාගෙන නිිතිමය කටයුතු සිදු කිරිමට පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එමි.මයුරසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙිි සමිබන්දයෙන් පරික්ෂණ පැවැත්වෙි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements