Featured News

Video Gossip

Advertisement


ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සී 130 හර්කියුලිස් යානා දෙකක්, එම් අයි 35 ප‍්‍රහාරක හෙලිකොප්ටර් 3 ක්, ඊශ‍්‍රායලයේ් නිෂ්පාදිත කෆීර් යානා පහක් අලූත්වැඩියා කිරීමට සහ චීන වයි 12 යානා දෙකක් සහ කුඩා හෙලිකොප්ටර් යානා හතරක් මිලදී ගැනීමට සඳහා වන ටෙන්ඩරය ලබාගැනීම සඳහා අතරමැදි ඒජන්තවරුන් අතර දැඩි තරගයක් හටගෙන ඇත.

මෙම අතරමැදියන්ගේ අරමුණ වී ඇත්තේ ගුවන් යානා අලූත්වැඩියා කිරීමේ මෙහෙයුම කඩාකප්පල් කිරීම බව හෙළි වී තිබේ.
ඒ අනුව ටෙන්ඩර් ලබාගැනීම ව්‍යර්ථ කිරීම සඳහා මෙම අතරමැදියන් රජයේ බලධාරීන්ට පෙත්සම් යැවීමට පටන්ගෙන ඇතැයි ද වාර්තා වේ.

පසුගිය කාලය තුළ නිසි නඩත්තුවක් නොතිබීම නිසා ගුවන් බලය පිරිහී තිබිණි.

රජයේ ආරංචි මාර්ග දක්වන අන්දමට මෙම ටෙන්ඩර් කැඳවීමට පෙර ගුවන්යානාවල තොරතුරු විවිධ පාර්ශ්ව අතට පත්වී තිබේ.

ජනපතිවරණය පැවැත්වීමට පෙර ඇන්ටනෝව් යානා තුනක් අලූත්වැඩියා කිරීම සඳහා යුක්රේනයේ යුක්රින්ටාජ් සමාගමේ නිලධාරීන් දෙදෙනකු මෙරටට පැමිණ අතරමැදියකු හරහා එම ටෙන්ඩරය ලබාගෙන තිබිණි.

නව ගුවන් හමුදාපතිවරයා ගුවන් බලය වැඩි කිරීමේ මෙහෙයුමක නිරතව සිටින බැවින් අලූත් ඒජන්තවරුන් ද ගුවන් යානා සහ හෙලිකොප්ටර් අලූත්වැඩියා කිරීමේ ටෙන්ඩර්වලට මැදිහත් වී සිටිති.

මේ අතර කෆීර් ප‍්‍රහාරක යානාවල අලූත්වැඩියාව ඊශ‍්‍රායල් රජය සතු සමාගමට පැවරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ඩොලර් මිලියන 49 ක් වැය වන බව ඇස්තමේන්තු කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements