Featured News

Video Gossip

Advertisement


රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. 

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (16) කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. 

නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් මෙවැනි දේවල් සඳහා වියදම් කිරීම යුතුකමක් වන අතර අයවැයෙන් ඊට ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබුණු බවයි මෙහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ. 

එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව ඔහු කියාසිටියේය. 

ප්‍රදාන ලබා දෙන අයගෙන් ලබා ගත යුතු වන්නේ රෝගී සත්කාර සේවා වැඩිදියුණු කිරීම, උපකරණ ලබා ගැනීම ආදිය සඳහා වන අතර පසුගිය මාර්තුවේ සිට මේ වන විට රෝහල්වලට අලුතින් වෙන්ටිලේටර්ස් එකතු වූයේ චීනයෙන් ලබා දුන් ඒවා සහ ගිලන්රථ වල තිබුණු ඒවා බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදී.

වෙන්ටිලේටර්ස් 3000ක් හෝ නොමැති අතර PCR යන්ත්‍රද රට තුළ ප්‍රමාණවත් පරිදි නැති බවයි හෙතෙම සඳහන් කළේ. 

''රටේ යුතුකමක් තියෙනවා රටේ ජනතාව වෙනුවෙන් බෙහෙත් වර්ගද එන්නත් ද ලබා දෙන්න. දැන් මේ ගැන වැඩිය කතා කරන්න දෙයක් නැහැ. මේක අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවට සහ පාර්ලිමේන්තුවට කියන්නේ ඇස් ඇරලා ක්‍රියාකරන්න. අපි සූදානම් උදව් කරන්න. ආණ්ඩු මාරුකරන එකක් අපිට වැඩක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නය ජීවත් වීමේ අරගලය. සෞඛ්‍ය සුරක්ෂිතභාවය. ආණ්ඩුව වෙනස් කිරීම ඇතුලේ තියෙන කඹ ඇදිලි මෙතන වැඩක් නැහැ. දැන් මේ පාණ්ඩුව භාරගන්නවා කියන්නේ කොවිඩ් හදුනා වගේ. කිසි වෙනසක් නැහැ. නමුත් අපි ලෑස්තියි උදව් කරන්න.''

ඊට පෙර පාර්ලිමේන්තුව තුළ ඇත්ත හෙළිදරව් කළ යුතුව ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

මේ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර අවශ්‍ය කටයුතු සලසන ලෙසයි වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට අවධාරණය කළේ. 

කෙසේවෙතත් මේ වන විටත් කොරෝනා එන්නත මෙරටට ලබා ගැනීමට කිසිදු සූදානමක් නැති අතර පවතින තත්ත්වය අනුව නම් 20%ක එන්නත් කෝටාව ලබා ගැනීම මෙම වසර අවසානය දක්වා වුවද කල් ගත වනු ඇති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ. 

LNR

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements