Featured News

Video Gossip

Advertisement


උදයංග වීරතුංග විසින් ශ්‍රි ලංකාවට ගෙන්වූ යුක්රේන සංචාරක කන්ඩායම මේ වන විට ආන්දෝලනයකට තුඩු දෙන කරුණක් බවට පත්වෙලා . මුලින්ම ආරංචි වුවේ එම සංචාරක කන්ඩායමේ කිහිප දෙනෙකුට කොරෝන රෝගය වලදී ඇති බවයි . ඉන් පසුව විවිද පුවත් අසන්නට දකින්නට ලැබුනා. උදයංග වීරතුංග විසින්ද මෙම සංචාරකයින් යන යන තැන්වල සිට විවිද චායාරුප සමාජ ජාල ඔස්සේ මුදා හැරියා . සංචරකයින් මෙරටට පැමිණීම කොතරම් හොද වුවත් මෙම සංචාරක කන්ඩායම අනුගමනය කරනු ලබන හිතුමතේ ක්‍රියාත්මක වීම් මේ වන විට වසංගත රෝගයක් තිබෙන සමයක ගැටළු මතුකරනවා.
මෙම සංචාරක කන්ඩායමනාවතැන් ගත් හෝටල් සහ සංචාරය කල ස්ථාන ගැන තමාව දැනුවත් කර නැති බවත් තමන්ද ඒ විස්තර දැනගත්තේ මාධ්‍ය මගින් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු පවසා සිටිනවා.

ලිපියක් මගින් සංචාරක ඇමතිවරයා දැනුවත් කරන කිමාලි ප්‍රනාන්දු වැඩි දුරටත් පවසන්නේ කොරෝනා කාර්ය සාධකා බලකාය සමඟ පැවති සාකාච්ඡාවේදි එකඟවූ පරදි යුක්රේන සංචාරකයන් ලංකාවට පැමිණිමට පෙර ඔවුන්ගේ සියලු විස්තර, නවාතැන් ගන්නා හෝටල්, සංචාරය කරන ස්ථාන , සේවා සපයන ආයතන සහ පුද්ගලයන්ගේ විස්තර ඇතුලත් සම්පූර්ණ වාර්තාවක් ලබා දීමට මෙම සංචාර වල වගකීම ගත් පිරිස එකඟවූවත් මේ වන තුරු ඒ කිසිම විස්තරයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට ලබා දී නොමැති බවයි.

මේ තොරතුරු ලබා ගැනීමට යුක්රේන සංචාරය සංවිධානය කල පුද්ගලයා ඇමතුවත් ඔහු වගකියන්නේ ජනාධිපති කාර්ය සාධක බලකායට යැයි පවසා අවශ්‍ය තොරතුරු නොදුන් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය

ඇමතිවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කරනවා




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements