Featured News

Video Gossip

Advertisement


කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදනයෙන් මිය යන අයගේ මෘත දේහ භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇති බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයෙකු ලෙස තමන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මතය පිහිටන බව ද ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානයට අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ද හිමි විය යුතු යැයි ද ඔහු පවසයි.

සුළු ජාතිකයන්ගේ හැඟීම් වලට හානි කරමින් රට දියුණු කළ නොහැකි බවද එහිදී සිරිසේන මහතා සඳහන් කර තිබේ.

ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය රටේ සෑම ජන කොට්ඨාසයක් අතර ම සමානව බෙදී යාම සුරක්ෂිත කළ යුතු බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements