Featured News

Video Gossip

Advertisement


වැටුප් ලබාගැනීම සඳහා වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත කාත්තාවක කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් වෙත යාම හේතුවෙන් එම කාර්යාලයේ 8 දෙනකු ඇතුළු 47 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි. 
මෙම කාන්තාව කොල්ලුපිටිය ප්‍රදේශයේ කාර්යාලයක පවිත්‍රතා අංශයයේ සේවිකාවක බවත් ඇයට ඉකුත් 30 වැනිදා PCR පරික්ෂණය කර එම වාර්තාව ලැබෙන තෙක් නිවසේ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 

ඇයගේ PCR පරික්ෂණ වාර්තා 31 වැනිදා ලැබීමෙන් පසු කොටුවිල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් මත ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා රැගෙන යෑමට ගිලන් රථයක් සමග ඇයගේ නිවසට පැමිණියද ඇය වැටුප් ලබාගැනීමට ත්‍රිරෝද රථයකින් කොල්ලුපිටියේ කාර්යාලයට ගොස් ඇති බවට වාර්තා වී ඇත.

ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටින බව දැන දැනම ඇයගේ අංශ ප්‍රධානියා ඇය වැටුප් ලබාදීම සඳහා කාර්යාලයට කැඳවා ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි. මෙම අංශ ප්‍රධානියාගේ වගකීම විරහිත ක්‍රියාව සම්බන්ධයෙන් කනගාටු වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 

මේ සිද්ධියෙන් පසුව එම සේවිකාව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇති අතර ඇය සමග කාර්යාලයේ සිටි සේවක සේවිකාවන් 8 දෙනකු ද ඇය ඇසුරු කළ අසල්වැසියන් ඇතුළු 39 දෙනකුද PCR පරික්ෂණ සිදුකරන තෙක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්දිකා රාමනායක-

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements