Featured News

Video Gossip

Advertisement

මගේ සැමියා ඩිලාන් අසේල. 
ඔහු පාරිසරික විශේෂඥයෙක්

දෙරණ '360' සමාජ දේශපාලන කතිකාවත මෙහෙයවන දිල්කා සමන්මලී මෙරට නිවේදන කලාව වෙනස්ම මානයකට ගෙන ගිය නිවේදිකාවක්. මේ දිනවල වැඩි නොපෙනෙන දිල්කා  ප්‍රවෘත්ති නිවේදනයෙන් මාධ්‍ය කලාවට පිවිස චතුර හඬින් රටක්ම වසඟ කළ ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහොම ළෙන්ගතුයි. ඒ නිසාම දිල්කාගේ තොරතුරු දැනගන්න ඔවුන් ප්‍රියකරනවා.

ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස මාද්‍ය කලාවට පිවිසුන ඇය, ඇයගේ චතුර හඬින් රටක් වසඟ කරගත්තා. හැබැයි 360 වැඩසටහන දිල්කා කැමැත්තෙන් බාරගත්ත එකක් නෙවෙයිලු, ඒ උනත් තමාගේ වැඩේ උපරිමයෙන්ම කරනවා ඔබට පේනවා ඇතිනේ . 

ඉතින් ඒ ගැන දිල්කා පුවත්පතකට කියල තිබුනෙ මෙන්න මෙහෙම

'360'දේශපාලන කතිකාවතෙන් ඔබ රටේම කතාබහට ලක්වුණා..

ඔව්. මම දෙරණට සම්බන්ධවුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස. නමුත් මාව මේ රටේ කතාබහට ලක්වුණේ 360 දේශපාලන වැඩසටහනින්.

කොහොමද '360' වැඩසටහනට සම්බන්ධවුණේ..

'360' මම කැමැත්තෙන් කරන්න බාරගත් වැඩසටහනක් නෙවෙයි. කොහොමත් මම කැමැති නැහැ පොලිටිකල්වලට. මට දෙරණෙන් ‍එම වැඩසටහන කරන්න කීවිට මම එකවරම බැහැ කීවා. නමුත් මට පෙර එම වැඩසටහන කළ නිවේදිකාව 360කරන්න එපා යැයි ව්‍යාංගයෙන් බලපෑම් කළා. ඒ තරහට තමයි මම එම වැඩසටහන කරන්න ඉදිරිපත්වුණේ.

කාන්තාවකට එවැනි වැඩසටහනක් මෙහෙයවීම අසීරු යැයි සිතුණේ නැද්ද?

මුල් කාලයේ පොඩි බයක් තිබුණා. දැන් අවුරුදු 10ක් විතර එම වැඩසටහන කළ නිසා දැන් එය සාමාන්‍ය දෙයක්.

මේ වනවිට '360'ට ඔබ සමග නිවේදකයෙකුත් සම්බන්ධවෙනවා..

ඔව්. චාප බණ්ඩාර. අපි දෙන්නා ශෛලීන් දෙකක දෙන්නෙක්. ඇතැමුන් අපි දෙන්නෙක් වැඩසටහන මෙහෙයවනවාට කැමැති නැහැ. මට තනියම කරන්න කියනවා. නමුත් මම තනියම කරගෙන යනවට වඩා ඔළු දෙකකින් මෙහෙයවන වැඩසටහන සාර්ථකයි කියා මම හිතනවා.

කොහොමද දිල්කා නිවේදන කලාවට යොමුවුණේ..

මම පුංචි කාලෙ සිටම නිවේදිකාවක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙමෙයි. පොලීසියට බැඳී රහස් පරීක්ෂකවරියක් වෙන්නයි මගේ ආසාව වුණේ.එසේ නොමැතිනම් මනෝවිද්‍යා උපදේශකවරියක් වීමට. නමුත් ඒ දෙකම නැතිව නිවේදන වෘත්තිය තෝරාගත්තා.

අද බොහෝ නවක නිවේදක නිවේදිකාවන් වෘත්තිය ගැන අවබෝධයෙන් නෙමෙයි නිවේදන කලාවට පිවිසෙන්නේ. ඔබ නිවේදිකාවක් වුණේ ඒ පිළිබඳව හැදෑරීමෙන්ද?

මම පාසල් දෙකකට ගියා. මොරටුව කොන්වන්ට් එකට සහ දෙහිවල ප්‍රෙස්බ්‍රෙටේරියන් පාසලට. පාසල් කාලයේ සෑම පොදු වැඩකටම ඉදිරිපත්ව සංගම් ගණනාවක නිලතල දැරුවා.නර්ථනය කළා. ඒ වගේම පෙරදිග තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක්. උ.පෙළට විද්‍යා විෂයයන් හැදෑරුවේ. එහෙත් පසුකාලීනව මාධ්‍ය පිළිබඳව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පාඨමාලාව සහ වෙනත් පාඨමාලා හැදෑරුවා.

දිල්කාගේ මවුපියන් කලාවට සම්බන්ධයි කියන්නේ ඇත්තක්ද?

මගේ මව විමලන්ද්‍රා කුමාරි. ඇය රංගන ශිල්පිනියක්. විශේෂයෙන් ඩී.බී නිහාල්සිංහයන්ගේ නිර්මාණවලට ඇය රංගනයෙන් දායකවී තිබෙනවා. පියා සිසිල් ගුණසේකර. ඔහුත් වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. වගේම පිටපත් රචකයෙක්. අපේ ගෙදර තිබුණේ කලා පරිසයක් නිසා මම නිවේදන ක්ෂේත්‍රයට යොමුවනවාට ඔවුන්ගේ අකැමැත්තක් තිබුණේ නැහැ.

ඔබ අද ආයතනයේ නිවේදිකාවකට එහා ගිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනියකගේ වගකීම් දරනවා. පැමිණි ගමන්මඟ ගැන තෘප්තිමත්ද?

ඇත්තටම සතුටුයි. ජනතා ප්‍රශ්න සමාජගත කිරීමට වෙර දරන වෘත්තියක නියැලීම නිසයි ඒ තෘප්තිය වඩාත් දැනෙන්නේ. එය උපරිමයෙන් සහ අවංකව කිරීමයි මගේ අපේක්ෂාව. 360 වැඩසටහනේදි ප්‍රබල දේශපාලකයන් සජීවීව මා සමග වාද විවාද කළත් තිරයෙන් පිටුපස ඔවුන් මා සමග කිසිම අමනාපයක් නැහැ. ඔවුන් දන්නවා මම මේ ප්‍රශ්න අහන්නේ මගේ පෞද්ගලික ඇජෙන්ඩාවකට නොවෙයි රටේ ප්‍රශ්න කියා.

පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු.

මගේ සැමියා ඩිලාන් අසේල. ඔහු පාරිසරික විශේෂඥයෙක්. ලොකු දුව විනුකී වයස අවුරුදු තුනයි. පුතා ටමෝද් අවුරුද්දයි මාස නවයයි.ඒ අයගේ සියලු වගකීම් දරමින් රැකියාවේ වගකීම් දරමින් ඉතා වෙහෙසකර ජීවන රටාවක් තමයි ගෙවන්නේ.

ඉතින් ඒ දවස්වල එහෙම කියපු දිල්කා දැන් තෙවෙනි වරටත් මවක් වන්නට යන බව ආරංචියි



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements