Featured News

Video Gossip

Advertisement


කාලි වරමින් ලැබුණු ඖෂධයක් බව පවසමින් රටේ මහත් ආන්දෝලනයක් ඇතිකළ පැණිය පානය කළ නාවිකයකුගේ PCR වාර්තාවද පොසිටිව් බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ධම්මික කපුතැනගේ නිවසේ සිට කිලෝමීටර 03ක් පමණ දුරින් පිහිටි මාකුර ගම්මානයේ පදිංචි මෙම ආසාදිත පුදගලයා පසුගිය දෙසැම්බර් 08 වෙනිදා මෙම පැණීය ලබාගෙන ඇත. 

අනතුරුව ඔහු පසුගිය 28 වනදා නැවත සේවයට වාර්තා කිරීමට පෙර PCR පරීක්ෂණයට මුහුණ දුන් පසු කොවිඩ් – 19 ආසාදිතයෙක් බව හඳුනාගන්නා ලදැයි කැගල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ පවසයි. මෙම ආසාදිතයා පැණිය ලබාගැනීමට ධම්මික වෙදමහතාගේ නිවසට ගිය දෙසැම්බර් 08 වනදා දසදහසකට අධික පිරිසක් කපුමහතාගේ නිවස ඉදිරිපිට රැස්ව සිටි බවත් වාර්තා වේ.

මේ අතර ධම්මික කපුතැන තාවකාලිකව පදිංචිවී සිටින ගම්මානයේ ජනතාව බලවත් බියකින් පසුවන අතර සිය ගම්මානයට කොරෝනා අවධානම රැගෙන ඒමේ වගකීම ගන්නේ කවුද යන ප්‍රශ්නයක්ව තිබේ.

ආචාර ධර්ම කමිටු වාර්තාත් පෝලිමක් !

මේ අතර කොරෝනා වෛරසය පාලනය සඳහන් නිෂ්පාදනය කරන ලද ඖෂධය කොරෝනා ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් භාවිතා කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබෙන බව ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඇතුළු මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එහි ඉදිරි ප්‍රතිඵල සති දෙක තුනක පමණ කාලයක් ඇතුළත නිකුත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

එම පැණි සඳහා ආචාර ධර්ම කමිටුවේ තීරණය අද හෝ හෙට දිනයේ ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළකර තිබේ.

ආචාර ධර්ම කමිටුවේ තීරණය මත එම ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට යොමු කෙරෙනු ඇත.රජරට විශ්වවිද්‍යාලය විසින් එම ඖෂධය පිළිබඳ සිදු කරන ලද පර්යේෂණ පත්‍රය ආචාරධර්ම කමිටු වෙත භාරදී ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements