Featured News

Video Gossip

Advertisement


කෑගල්ලේ කොවිඩ් 19 ආසාදිත නියැදිය කුඩා නියැදියක් වුවත් එය අවදානම් සහගත බවක් පෙන්නුම්කරමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.

ඇතැමුන්ට තද උණ තත්ත්වයන් පවතින බවත් සිය ශාඛා සංගම් විසින් පවසා තිබෙන බවත් සැලකිය යුතු වන්නේ සාතිශය බහුතරයක් හමුවන්නේ රෝග ලක්ෂණ නොමැතිව වන හෙයින් කෑගල්ලේදී හමුවූ වැඩි පිරිසකට රෝග ලක්ෂණ පැවතීම යම් අවදනමක් පවතින හෙයින් මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය. 

රට තුළ අළුත් කොවිඩ් ප්‍රභේද හඳුනාගැනීම සීමා සහිත වන අතර සාමාන්‍ය රසායනාගාර තුළ එය හඳුනාගත නොහැකි හෙයින් මේ කෑගල්ලේ සාම්පල ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ රසායනාගාරයට හෝ යොමුකර තත්ත්වය තහවුරු කරගත යුතු බවද අළුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කලේ ප්‍රමාදයකින් තොරව එය සිදු විය යුතු අතර ලංකාව තුළද නව ප්‍රභේදයක් ඇතිවෙමින් පවතින්නේද යන්න හඳුනාගැනීම කළ යුතු බව ඔහු අවධාරණය කළේය. 

පසුගිය මාසයේ කෑගල්ල ප්‍රදේශයේ හෙළ ඔසුවක් ලබා ගැනීම සඳහා ජනතාව නිරෝධායන නීතිද උල්ලංඝනය කරමින් දහස් ගණනින් රැස්වූ පරිසරයක එම සිදුවීම් සහ මෙම රෝගීන් වාර්තා වීම අතර සම්බන්ධයක් පවතින්නේද යන්නද සොයා බැලිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. 

අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ කෑගල්ල ප්‍රදේශයෙන් පසුගිය දින දෙකක පමණ කාලය තුළ වාර්තා වී ඇති රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට රෝග ලක්ෂණ සහිතව වාර්තා වී ඇති බවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements