Featured News

Video Gossip

Advertisement


කොළඹ ආශ‍්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන පාර්ක් ඇන්ඞ් රයිඞ් බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (15 දා) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 
මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප‍්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගරවලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර ¥ෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ.

ආසන ගණනට මගීන් රැුගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අය කෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ෂණීය ප‍්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ ක්‍කදජන උසිැ හා ්බඑස ක්‍කදජන උසිැ ගමන් වර්ග දෙකක් ක‍්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.

මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප‍්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.

පෙ.ව 08.00ත් ප.ව 04.00ත් අතර කාලයේ දී බස් රථ ධාවනය වන්නේ විනාඩි 25 කට වතාවකි. දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.

වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප‍්‍රවාහන සේවාව ක‍්‍රියාත්මක කරයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.

ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ කේතය පිළිබඳව ජනාධිපති දැනුවත් කෙරිණි.

නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිවරයා එහි පහසුකම් නිරීක්ෂණ කළේය. ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අලෙවි හල ජනාධිපති අතින් විවෘත කෙරිණි.

ප‍්‍රවාහන ඇමැති ගාමිණි ලොකුගේ, රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements