Featured News

Video Gossip

Advertisement

වන්දිය නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හය බැගින් තවත් වසර දෙකක සිරදඬුවමක්

බණ්ඩාරගම අටුලූගම ප‍්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කෙළ ගසන ලද පුද්ගලයාට චෝදනා තුනක් යටතේ පානදුර අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් ඊයේ (21 ) වසර හයක සිර ද`ඩුවමක් නියම කරන ලදි.

මෙම සිර ද`ඩුවමට අමතරව අදාළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දෙදෙනාට සහ සෞඛ්‍ය සේවකයන් දෙදෙනාට රුපියල් ලක්‍ෂය බැගින් ලක්‍ෂ හතරක වන්දියක් ගෙවන ලෙසද නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා එම වන්දිය නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හය බැගින් තවත් වසර දෙකක සිරදඬුවමක් නියම කරන බවද පැවසීය.

බණ්ඩාරගම අටුලූගම ප‍්‍රදේශයේ පදිංචි පකීර් මොහොමඞ් මොහොමඞ් අමීර් හෙවත් ඇමියා නමැති 56 හැවිරිදි පුද්ගලයාට මෙසේ ද`ඩුවම් නියම කෙරිණි.

විත්තිකරුට සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයකින් පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වීම නිසා ඉකුත් දෙසැම්බර් මස 02 වැනිදා ප‍්‍රතිකාර සඳහා රැුගෙන යෑමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අටුලූගම ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ එයට විරෝධය පා සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගසනු ලැබීය.

සෞඛ්‍ය නිලධාරීන් ගමන් කළ වෑන් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර එසේ කෙළ ගැසූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය මගින් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අධිකරණ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නිරෝධායන නීතිය යටතේ සහ රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අනුව නියම කළ සිර දඬුවමට අමතරව සෞඛ්‍ය නිලධාරීන්ට ගෙවීමට නියෝග කළ රුපියල් ලක්‍ෂ හතරක වන්දි මුදල අදාළ දඬුවම් නියම වූ පුද්ගලයා නොගෙවා සිටියහොත් ඔහුට වසර අටක සිරදඬුවමත් වි`දීමට සිදුවන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
සමන් ගමගේ
Divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements