Featured News

Video Gossip

Advertisement

මරීනා හෝටල් ජාලයේ හිමිකරු ගේ දියණිය ලිමිණි සහ ඇමති නාමල්ගේ ආදර කතාව 

හිටපු ජනපති, වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුතු තමයි නාමල් රාජපක්ෂ කියන්නේ, සිය පියාගේ අඩිපාරේ යමින් ඔහුත් දේශපාලනයට යොමු වෙනවා. නාමල් රාජපක්ෂ කියන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමා. ඔහුගේ අතිනත ගන්නේ ලිමිනි වීරසිංහ මෙනවියයි. ලිමිනි වීරහිංහ කියන්නේ ලංකාවේ අංක එකේ කෝටි පතියෙක් එහෙමත් නැත්නම් මෙරට සංචාරක ක්‍ෂේත්‍රය තුළ පෙරමුණේ වැජඹෙන ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහ මහතාගේ දියණියයි. ”L.S.R” නමින් පවත්වාගෙන යන මෙම සුප්‍රසිද්ධ ආයතනයට මරිනා සුපිරි හෝටල් සමූහය හා කිමිඳුම් පාසල් මෙන්ම කිමිඳුම් ආයතන සියල්ල ඇතුළත්.
නාමල් රාජපක්ෂ මහතා ජල ක්‍රීඩා සඳහා යන්නේ ලිමිනිගේ පියාගේ කිමිදුම් පාසලට. ඒ අවස්තාවකදී තමයි නාමල් සහ ලිමිනි මුලින්ම හඳුනාගන්නේ. ඒ හඳුනා ගැනීම පස්සේ ආදරයක් බවට පත්වෙලා. දෙන්නගේ මේ ආදරය ගැන මුලින්ම කියලා තියෙන්නේ ලිමිනි ගේ දෙමවිපියන්ට. ඉන්පසු තිලක් වීරසිංහ මහතා දෙපාර්ශයේම ආශිර්වාදයමත මේ ආදර කතාව ඉදිරියට කරගෙන යන්න අවසර දෙනවා.
ලිමිනි කියන්නේ සුවිශේෂී දක්ෂතාවයන් තියෙන කාන්තාවක්. කොළඹ බිෂොප් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඒ වගේම එම පාසලේ බෞද්ධ සංගමයේ සභාපති ධුරයද දැරුවා. ඊට අමතරව ඇය පාසලේ දේශීය තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක්. ඇයට හොඳට බෙර වාදනය කරන්න පුළුවන්. ලිමිනිගේ මේ දක්‍ෂතාව ඇය තවදුරටත් ප්‍රගුණ කර ගත්තේ අප්‍රිකානු සම්භාව්‍ය සංගීතයට සම්බන්ධ බෙර වාදන කලාව ප්‍රගුණ කරමින්. ලිමිනි 2017 වසරේදී පාසලෙන් සමුගන්නා විට ඒ භූමියට හා පිරිසට උපහාරයක් වශයෙන් "Gosha" නමින් ප්‍රසංගයක් පැවැත්වූවා. ලිමිනි කියන්නේ මහ පොළොවේ පය ගහලා ජීවත්වන තැනැත්තියක්. ඇය බුදු දහමට වගේම දේශීය සිරිත් විරිත්වලට හුඟාක් ළැදියි. ඉතින් ඔයාල හැමෝම ගොඩක් ආදරේ කරන නාමල් රාජපක්ෂ මහතාගේ ආදරණීය බිරිඳ තමයි මේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements