Featured News

Video Gossip

Advertisement

ෂැංග්‍රිලා හෝටලයේ සභාපති හා විල්මා ආයතනයේ හිමිකරු වන සජාඩ් මව්සූන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්වී සිදුකරන ලද රුපියල් කෝටි 1000කට අධික සීනි බදු වංචාව සම්බන්දයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරණ සජිත් පේමදාස මේ වනතෙක් වචනයක් හෝ කතා නොකිරීමට හේතුව සාක්ෂි සහිතව හෙළි කිරීමට අප සුදානම්. ඒ පිටුපස ඇත්තේ සජිත්ගේ බිරිඳ ජලනි පේමදාස සහ ෂැංග්‍රිලා සභාපති සජාඩ් මව්සුන් ඇති සම්බන්දයක් බව මේ වනවිට හෙලිදරව් වී තිබේ.

ජලනි පේමදාසට අයත් රූපලාවනය ආයතනයක් වන jaal_salon ලංකාවේ සුපිරි හෝටල් කීහිපයකම තම ශාඛා පවත්වාගෙන යන අතර එම ජාල් සැලූන් (jaal_salon) ජාලයේ ශඛාවක් ෂැංග්‍රිලා හෝටලයේ හතරවෙනි මහලේද පවත්වාගෙන යාමට සජාඩ් මව්සූන් සජිත්ගෙ බිරිඳ ජලනිට ඉඩකඩ විවරකරදීමට කාරුණික වී තිබේ.

ජලනි හා සජාඩ් අතර පවතින මෙම සම්බන්දය හේතුවෙන් සජිත් පේමදාස, නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සිදුන් සිදුකරන බරපතලම බදු වංචාවක් වන කෝටි1000 සීනි බදු සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත කිසිදු විරෝධයක් නොදක්වා සිටීමට තිරණය කර ඇති බව සමගි ජන බලවේගය අභයන්තරයෙන්ම අප වෙත තොරතුරු වාර්තාවේ.

මේ වනවිට ජනතා විමුත්කි පෙරමුණ මෙම බරපතල වංචාව සම්බන්දයෙන් විපක්ෂයේ හඬ අවදිකරමින් ප්‍රබල විරෝධයක් නන්දසේන ගෝඨාභය ආණ්ඩුවට එල්ලකරමින් සිටින අතර පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන් මේ පිලිබදව පැමිණිල්ලක්ද ඉදිරිපත් කරන ලදි.

රනිල්-මෛත්‍රී ආණ්ඩු සමයේ රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් පත්වු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණනුවන් සිදුකල මහ බැංකු බැදුම්කර වංචාව හා සමාන වටිනාකමකින් යුත් මෙම කෝටි 1000 සීනි බදු වංචාව සහ ඉන් පසුව මෙම විල්මා සමාගම විසින්ම සිදුකරන ලද පොල්තෙල් වංචාවද මේ වනවිට වත්මන් ආණ්ඩුවට එරෙහිව මතුවී ඇති ප්‍රබලතම විවේචනයකි. එවැනි වංචාකාරී කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මෙම ෂැංග්‍රිලා හිමිකරු මෙන්ම විල්මා සමාගමේ සභාපතිගේ නම පවා ප්‍රකාශ කිරීමට සජිත් පේමදාස මැලිවන්නේ සිය බිරිඳ ජලනි පේමදාසගේ ජාල් සැලූන් (jaal_salon) ආයතනයට සජාඩ් මව්සුන් ලබාදෙන අනුග්‍රහය බව මේ අනුව තහවුරු වී තිබේ.

අපට අසන්නට ඇත්තේ පාර්ලිමේන්තුවේ බොහෝ අවස්ථාවලදී ඉස්පිලි , පාපිලි වල පවා වැරදි හොයමින් උදේ වරුවේ පාර්ලිමේන්තුවේ වටිනා කාලය පැය ගණන් නාස්තිකරන විපක්ෂ නායක සජිත් පේමදාස ඇත්තටම නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂය නොවේද යන්නයි. මෙවැනි බරපතල වංචාවන් දිහා අඳ ගෙළු බිහිරි ප්‍රතිපත්තියක සිට සජිත් පේමදාස කටයුතු කිරීම ඇත්තෙන්ම මෙරට ජනතාවගේ මෙන්ම සමගි ජන බලවේගයට ඡන්දය ලබාදුන් එහි සාමාජිකයින්ගේ අභාගයකි.

ජලනි පේමදාසගේ ජාල් සැලුන් (jaal_salon) ජාලය පිලිබද තොරතුරු පහත ලින්ක් එක තුලින් ඔබට දැනගත හැකි අතර පහත ඡායාරූප ඊට සාක්ෂි දරණු ඇති.

colomboxnews


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements