Featured News

Video Gossip

Advertisement


ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන්ගේ සියලුම ගමන් විස්තර සංචාරක මණ්ඩලයත් දැනසිටි බව එම කණ්ඩායමේ මෙහෙයුම භාරව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සංචාරකයන්ගේ මිරිස්ස සහ යාල සංචාරයන් පිළිබඳ දින කිහිපයකට පෙර සංචාරක මණ්ඩලයේ සභාපති ක‍්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය දැනවත් කර ඇති බවයි.
එම සංචාරය පිළිබඳව තමන් ඇයට විද්‍යුත් ලිපි මගින් ඇයට දැනුම් දුන් බවත් ඇය ඒ පිළිබඳව ස්තුති කර ප්‍රතිචාර දක්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.

සංචාරකයන්ගේ ගමන් තමන් විසින් පමණක් තෝරාගෙන නැති බවත් ක‍්‍රිමාලි ප‍්‍රනාන්දුද ඒ සියල්ල දැන සිටි බවත් ඔහු කියා සිටියි.

එම ගමනාන්ත පරික්ෂා කිරීම සඳහා ද එම මණ්ඩලය විසින් කණ්ඩායම යවා ඇති බවත් පවසන වීරතුංග මහතා ඇය පවසන දේ පමණක් කිසිවකු විශ්වාස නොකළ යුතු බවත් සඳහන් කරයි.

සභාපතිනිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් හේතුවෙන් සංචාරකයන් රැසක්ම තම සංචාර අවලංගු කල බවද නිවේදනයේ දැක්වෙයි.

වීරතුංග මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඩේලි මිරර් පුවත් පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements