Featured News

Video Gossip

Advertisement


හෝමාගම පොලිසිය වසර දහයකට වැඩි කාලයක සිට නීති විරෝධීව ජලය ලබා ගනිමින් සිටියදී නීතියේ රැුහැනට හසුකර ගැනීමට ජලසම්පාදන මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය ඊයේ (7 )  කටයුතු කළේය.
ජලසම්පාදන අමාත්‍යාංශයට ලැබුණු මහජන පැමිණිල්ලක් අනුව වැටලීම කළ බව ජලසම්පාදන මණ්ඩලයේ වැටලීම් ඒකකයේ වැඩ භාර නිලධාරී සරත් කුමාර මහතා ඊයේ (7 )  පැවැසීය.

හෝමාගම පොලිසියට ජල සම්බන්ධතා හතරක් ඇති බවත් ඉන් තුනක් විසන්ධි කර ඇති බවත් පැවසූ සරත් කුමාර මහතා එසේ විසන්ධි කර ඇති එක් සම්බන්ධතාවක් නීති විරෝධීව සකී‍්‍රය කරගෙන මෙසේ ජලය ලබාගෙන ඇතැයි ද සඳහන් කළේය.

එම අත්හිටවූ සම්බන්ධතා තුනම පාර පැත්තෙන් විසන්ධි කිරීමට කටයුතු කළ බවත් රාජ්‍ය ආයතනයක් නිසා පොලිසියට ජලය සැපයීම නතර නොකළ බවත් පැවසූ සරත් කුමාර මහතා අහිමිවූ ආදායම ගණනය කර අයකර ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

පොලිසියේ පොත්පත් පරීක්‍ෂා කිරීමේදී වසර දහයකට පමණ පෙර පොලිසිය නීත්‍යනුකූලව ලබාගෙන ඇත්තේ එක ජල සම්බන්ධතාවක් පමණකැයි සනාථ වූ බවද හෙතෙම කීවේය.

මෙම ජලය ලැබෙන්නේ නීත්‍යනුකූලව නොවන බවට යැයි හෝමාගම පොලිසියේ වත්මන් නිලධාරීන් දැනුවත් නැති බව පෙනී ගියේ යැයිද සරත් කුමාර මහතා කීවේය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements