Featured News

Video Gossip

Advertisement


වට්ස්ඇප් සිය මව් සමාගම වන ෆේස්බුක් සමඟ බෙදාගන්නා දත්ත පිළිබඳ විශාල ව්‍යාකූලතාවයකින් පසුව එහි රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම ප්‍රමාද කර ඇත. 

පසුගිය දා WhatsApp සමාගම සිය යෙදුමෙහි Priavcy Policy හි සිදු කළ යාවත්කාලීන කිරීමට යාම පිළිබඳව ලොව පුරා එහි පරිශීලකයින් විවිධ ප්‍රශ්න නගන්නට විය.

එමෙන් ම, ඒ පිළිබඳව විවධ කට කතා පැතිර යාම ද දැකගන්නට හැකි විය.

ඒ හේතුවෙන් WhatsApp සමාගම තම නව Privacy Policy සම්බන්ධයෙන් පරිශීලකයින්ට පිළිතුරු දී තිබුනි..

ඉන් ඔවුන් අවධාරණය කර ඇත්තේ, මෙම නව Privacy Policy පරිශීලකයින් මිතුරන් හෝ පවුලේ අය සමග හුවමාරු කර ගන්න පණිවුඩවල පෞද්ගලිකත්වයට කිසිදු ආකාරයකින් බලපාන්නේ නැති බවය.

ඒ වෙනුවට, පරිශීලකයින් ව්‍යාපාර හා හුවමාරු කර ගන්නා පණිවුඩවලට මෙම යාවත්කාලීන කිරීම අදාළ වන බවත් සහ ඔවුන් පරිශීලකයින්ගේ දත්ත එක්රැස් කර ගන්නා ආකාරය පිළිබඳව තවදුරටත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවත් WhatsApp සමාගම දන්වා සිටියි.

WhatsApp සමාගම පවසන්නේ,

1. අපට ඔබගේ පෞද්ගලික පණිවුඩ බැලීමට හෝ ඔබගේ ඇමතුම් ඇසීමට නොහැකි අතර ෆේස්බුක්වලට ද නොහැක.

2. පණිවුඩ යැවීම හෝ අමතන්නේ කවුරුන් ද යන්න අපි සටහන් නොකරන්නෙමු.

3. අපට ඔබ සිටින ස්ථානය (location) කුමක් ද යන වග දැකිය නොහැකි අතර ෆේස්බුක්වලට ද නොහැක.

4. අපි ඔබේ සම්බන්ධතා (contacts) ෆේස්බුක් සමග බෙදා නොගනිමු.

5. සමූහ පෞද්ගලිකව පවතී.

6. ඔබගේ පණිවිඩ අතුරුදන් වීමට (messages to disapear) ඔබට සැකසිය හැකිය.

7. ඔබට ඔබගේ දත්ත භාගත කිරීමට හැකිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements