Featured News

Video Gossip

Advertisement

ගෝඨාභයගේ එකම පුතා  විවාහ වූයේ

ශිරන්තිගෙ නෑදෑයෙක් සමගයි

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය අයෝමා රාජපක්ෂ වන අතර ඔවුන්ට සිටින්නේ එක පුතෙකි. ඇමරිකාවේ පදිංචිව සිටින ඔහු දමින්ද මනෝජ් රාජපක්ෂයි. 1982 දී උපත ලද දැන් 37 හැවිරිදි වියේ පසුවන දමින්ද මනෝජ් රාජපක්ෂ කුඩා කාලයේ සිට අධ්‍යාපනය හැදෑරුවේ ඇමරිකාවේදීය. 
ට්‍රවීක් මධ්‍ය පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු කොවීනා හයි ස්කූල් වෙතින් ද්වීතියික අධ්‍යාපනය ලැබුවේය.ඔහු ඇමරිකාවේ ඩර්හැම්හි ඩියුක් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු සහ පරිඝණක විද්‍යා උපාධියක් (Double major in Electricial Engineering and coumputer Science fron duke University) සහ පද්ධති ඉන්ජිනේරු පශ්චාත් උපාධියක්ද ( Marster's in Systems Engineering from University of Southern California) සහිත මනෝජ් රාජපක්ෂ මේවනවිට ඇමෙරිකාවේ නාසා ආයතනයේ ( Jet Propulsion Laboratories) හි සේවය කරයි.
ඔහුගේ බිරිඳ සෙව්වන්දි සෛල සහ අණුක ජීව විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරා ඇත. (Cell and Molecular Biology from Winona State University) 

මීට වසර 9 කට පමණ පෙර 2011 ජූලි මස ගෝඨාභය රාජපක්ෂගේ පුතුගේ මංගල්‍යය සිදුවූයේ කොළඹ හිල්ටන් හෝටලයේදීය. විවාහය වෙනුවෙන් ඔහු ලංකාවට පැමිණෙන විට වත්මන් ජනපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ එවක ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේය.

දමින්ද මනෝජ් විවාහ වූයේ එවක ජනපති ලෙස කටයුතු කරමින් සිටි මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති මැතිණියගේ ඥාතී දියණියක වීම විශේෂත්වයකි.
දමින්ද මනෝජ්ගේ බිරිය සෙව්වන්දි ලියනාරච්චිය. ඇය චන්ද්‍රා ලියනාරච්චි යුවළගේ දියණියයි. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පාර්ශ්වයේ ඥාති දියණියක වූ නිසා එම විවාහ උත්සවයේ දෙපාර්ශ්වය වෙනුවෙන් අත්සන් තබන ලද්දේ මහින්ද හා ශිරන්තිය. ඔවුන් ඒ දෙදෙනා වෙනුවෙන් අත්සන් තැබීම විශේෂ සිදුවීමක්ද විය. එම විවාහ උත්සවයේ ඒ දිනවල මාධ්‍ය සඳහා නිකුත් කළ ඡායාරූප කිහිපයක් පහතින් පළවේ.

ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති වීමත් සමග කරලියට ආ මනෝජ් දේශපානයට ඒවිදැයි කියා ආපු සිතුවිල්ල තවමත් සමාජ ජාලවල සාකච්ඡාවය ලක්ව ඇත. ඒ නාමල් රාජපක්ෂ ඇමතිවරයා සහ ජනපති පුත් මනෝජ් සසදමිනි. නමුත් තාත්තා ජනාධිපති වුවද කිසිඳු දේශපාලන කටයුත්තකට මෙම යුවල මෙතෙක් මැදිහත් වී නොමැත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements