Featured News

Video Gossip

Advertisement


කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ සඟවා තිබූ කහ කිලෝ 1500කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසිනුයි අද (07) අලුයම වැටලීම සිදුකර ඇත්තේ.
මෙම කහ තොගය ඉන්දියාවේ සිට රැගෙන පැමිණ ප්‍රවාහනය කිරීම සඳහා වෙරළට ආසන්න ස්ථානයක සඟවා තිබී ඇතැයි සඳහන්.

උර 50ක අසුරා තිබූ කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 75කට අධිකයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කහ තොගය නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ධීවර යාත්‍රා යොදාගෙන මෙටට රැගෙන ඒම සිදුකර ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කහ තොගය වැඩිදුර විමර්ශණ සඳහා කල්පිටිය පොලිසියට භාරදීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements