Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් පනස් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (11) වන විට සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.

එම උත්සවයට සහභාගි වීමෙන් පසුව නිරෝධායනයට යොමුකර සිටි එම නිලධාරීන්ට පසුගිය දිනවල සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී මේ බව තහවුරු වී ඇත.

පසුගිය පෙබරවාරි හතර වැනිදා පැවති නිදහස් දින උත්සවයට සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් 450ක් පමණ සහභාගි වී ඇති අතර ඔවුන් අතරින් මෙම පිරිස වාර්තා වී ඇතැයි ද සඳහන් වේ. මේ වන විට ආසාදිත සියලූ දෙනා කළුතර, තල්පිටිය, සේරුපිට, ගල්කිරියාගම සහ අම්පාර යන සිවිල් ආරක්‍ෂක බළකා කඳවුරුවල නිරෝධායනයට යොමුකර ඇතැයි එම බළකාය සඳහන් කරයි.
මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශය හුදෙකලා ප‍්‍රදේශයක් ලෙසට නම් කරන ලෙස ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගෝ මහතා බලධාරීන්ට සඳහන් කර තිබේ. මේ වන විට ඔබේසේකරපුර ප‍්‍රදේශය රතු කලාපයක් ලෙස නම් කිරීමට නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇති අතර එම තත්ත්වය තුළ එම ප‍්‍රදේශය හුදෙකලා ප‍්‍රදේශයක් ලෙසින් නම් නොකළහොත් ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ නාගරික සීමාවටද දැඩි අවදානමක් එල්ල වන තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ඔබේසේකරපුර ප‍්‍රදේශයේ සිට විවිධ රැුකියා සඳහා ජනතාව කෝට්ටේ නාගරික සීමාවට දිනපතා පැමිණීම එසේ අවදානමක් ඇති වීමට හේතුවී තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග නව පාසල් වාරය ආරම්භ වූ දිනයේ සිට ඊයේ දක්වා කාලය තුළ ගාල්ල ප‍්‍රදේශයේ පාසල් දරුවන් 95 දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවද සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත. ගාල්ල දිස්ති‍්‍රක්කයට අයත් පාසල් 48 අතරින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇති අතර ඔවුන් අතරින් බහුතරයක් දෙනාට වෛරසය ආසාදනය වී ඇත්තේ පවුලේ අයකුගෙන් හෝ සමීප ඥාතියකුගෙන් බවද හෙළි වී තිබේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 567 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගිය බව ඊයේ පස්වරුවේ වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.

සුවය ලද එම පිරිසත් සමග මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා සුව වූ සමස්ත සංඛ්‍යාවද 66211 දක්වා ඉහළ ගියේය. එසේම කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 963 දෙනකු පෙරේදා (10 වැනිදා* රාති‍්‍ර වන විට සෞඛ්‍ය අංශ විසින් හ`දුනාගෙන තිබුණු අතර ඉන් වැඩිම ආසාදිතයන් පිරිස වූ 634 දෙනකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවද සඳහන් විය. ඒ අතරිනුත් වැඩිම ආසාදිතයන් පිරිසක් ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජාඇල ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තිබිණි. එම සංඛ්‍යාව 76 කි. එසේම මේ වන විට ජාඇල ඇතුළු අවට ප‍්‍රදේශවල පැතිර යන වසංගත තත්ත්වයත් සමග කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 09 දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ස`දහන් කළේය. එම ආසාදිතයන් හබරාදුව අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. මේ අතර කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ වාර්තා විය. පොලිස් ස්ථානාධිපතිවරයා පී.සී.ආර්. පරීක්‍ෂණයකට සහභාගි වී අසාදිත නොවන බවට තහවුරු වීම නිසා ඉකුත් 04 වැනිදා කොළඹ පැවති නිදහස් දින උළෙලටද සහභාගි වී ඇත. පසුව ඔහු යළි කතරගමට ගොස් නැවත පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදුකර ඇති අතර එම දෙවැනි පරීක්‍ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook