Advertisement

සහරාන් මෙන් මරාගෙන මැරෙන්න ප‍්‍රතිඥා දුන් කාන්තාවන් මෙන්න

ආගමේ නාමයෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සහරාන් හෂීම් ඉදිරියේ කාන්තාවන් 15 දෙනෙකු ප්‍රතිඥා දී ඇති බවට ආන්දෝලනාත්මක තොරතුරක් පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

එම හෙළිදරව්ව සිදුකර ඇත්තේ සහරාන්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ, මාවනැල්ලේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණියයි.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ තරුණියක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පසුගියදා මාවනැල්ලේදී අත්අඩංගුවට ගැනුණි.

මොහොමඩ් ඊබ්‍රාහිම් සහිඩා වන 24 හැවිරිදි ඇය මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනාගේ නැගණියයි.

ප්‍රහාරයෙන් සතියකට පසු ගම්පොළ පාවහන් වෙළෙඳසැලක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට පත් ශාහිඩ් සහෝදරයින් දෙදෙනා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

එම තරුණිය ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ඇප මත නිදහස්ව සිටිය දී යළි අත්අඩංගුවට ගැනුණි. ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වී තිබේ.

ඇය හෙළි කර ඇත්තේ 2018 කාත්තන්කුඩිහි දී සහරාන් හෂීම් පැවැත්වූ අන්තවාදී දේශනවලට තමා ඇතුළු කාන්තාවන් 15 දෙනෙකු සහභාගී වූ බවය.

තමා ඇතුළු එම පහළොස්දෙනාම ආගම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සූදානම් යැයි සහරාන් ඉදිරියේ ප්‍රතිඥා දුන් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඇය සිදුකර තිබේ. එම ප්‍රතිඥා දීම හැඳින්වෙන්නේ බයියත් කිරීම ලෙසිනි. එලෙස ප්‍රතිඥා දුන් කාන්තාවන් අතරින් පස්දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දමරුදු හි දී සිදුවු පිපිරීමෙන් මියගොස් තිබේ.

මියගිය මරාගෙන මැරෙන බවට ප්‍රතිඥා දුන් කාන්තාවන්,

සහරාන්ගේ මව අබුදුල් සතාර් සිත්ති උම්මා
සහරාන්ගේ සහෝදරියක වන මොහොමඩ් කාසිම් හිදායාඅන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ මොහොමඩ්
සෙයිනාගේ බිරිඳ වන ආදම් ලෙබ්බේ ෆාතිමා
සහරාන්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳ මොහොමඩ් නස්හත් ෆාතිමා නෆ්නා

අන්තවාදී ක්‍රියාවලට එක් වූ අසාද්ගේ බිරිඳ වන ෆෙරෝසා
රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් කාන්තාවන්,

සහරාන් හෂීම්ගේ සහෝදරිය මොහොමඩ් කාසිම් හිදායා
මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ සිද්ධියේ සැකකරුවෙකු වන සාදික්ගේ බිරිඳ මොහොමඩ් පලීල් ෆාතිමා
සාහිදා
පාස්කු ප්‍රහාරයට අදාළව ඩුබායි හිදි අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳ වන මොහොමඩ්
අහමදුල්ලා ෆාතිමා ජුස්තා

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ පසුවෙන මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් සෙසු කාන්තාවන්
හත්දෙනා,

සහරාන්ගේ රියදුරා වූ ගෆුර් මාමා නමැත්තාගේ බිරිඳ වන උදුමාලෙබ්බේ ෆරිසානා
සහරාන්ගේ ළඟම ඥාතියෙකුගේ බිරිඳ වන කාත්තන්කුඩිහි මුම්මදු හනීෆා නුස්රා
මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳගේ මව වන මොහොම්මදු සාලිහ් ජුෆයිඩියා
කාත්තන්කුඩිහි දරුල් අදර් පල්ලියේ සභාපති රවුෆ්ගේ දියණියක වන 22 හැවිරිදි අබ්දුල් රවුෆ් ෆාතිමා සාරා සහ
ඇගේ මව වන වන අබ්දුල් කුද්දාස් සිත්ති සාතුනා
කාත්තන්කුඩිහි පදිංචිව සිටි සෙයියදු අහමදු අස්මියා
පසුගියදා අත්අඩංගුවට පත් 24 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් සහිඩා

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව අධ්‍යයනය සඳහා ජනාධිපතිවරයා පත් කළ නව කමිටුව පාර්ශ්ව රැසක දෝෂ දර්ශනයට ලක්විය.

– ada derana

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements