Advertisement


ගම්පහ නගරයේ පොදු වෙළඳ පොළ ආශ්‍රිතව දින තුනක් තුල කොවිඩ් 19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම මත පවතින අවදානම සලකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ඊයේ (9) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කෙරිණි.

ගම්පහ නගරයෙහි දැඩි අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් ඉතාම අවශ්‍යතාවයකට හැර නගරයට පැමිණීමෙන් වලකින ලෙස ජනතාවට දැඩි අවවාදයක් කිරීමට සිදුව ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා මාධ්‍යයට පැවසීය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පොදු වෙළඳ පොලෙහි වෙළඳුන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඉකුත් 6 වෙනි දින සිට ඊයේ වනවිට ආසාදිතයින් 58 දෙනා හමුව ඇති බවත් තවත් පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් පතිරගේ මහතා සදහන් කළේය.

නගරයේ මහ වීදිය ඇතුළු පොදු වෙළඳ පොළ ඇතුළු ඒ අවට වෙළඳසල් 200 ක් පමණ සහ ආශ්‍රිත අතුරු මාර්ග වසා දැමීමට ගම්පහ මහ නගර සභාව මීට පෙර පියවර ගෙන තිබූ අතර ඊයේ සවස නගර සභාවේ පැවති සාකච්ඡාවෙන් පසුව වෙළඳසල්වලට අමතරව එම ප්‍රදේශයේ ආයතනද වසා දැමීමට තීරණය කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.

පසුගිය ජනවාරි මාසයේ සිට ගම්පහ නගර සීමාවෙහි පවුල් 89 කට අයත් 223 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හදුනාගනිමින් ප්‍රතිකාර පිනිස යොමු කොට ඇති බවත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (10) දිනයේ නගරයේ වෙළෙඳසල් සහ ආයතනයන්හි කටයුතු කරන්නන් 1000 ක් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බව පුරපති එරංග සේනානායක මහතා පැවසීය.

අද සවස පුරපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිෂාන්ත සමරවීර, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ, සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පොලීසිය සහ නාගරික වෙළඳ සංගමයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements