Advertisement


මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙන භූමි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් වන Crudia zeylanica ශාකය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු විය.

මෙම ශාකය රැක ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරිනියක තනිව ම සටනක නිරතව සිටින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යංශය මැදහත් වීමක් සිදු නොවන්නේ ඇයි දැයි ආණ්ඩු පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත බණ්ඩාර මහතා වනජීවී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා මෙලස අදහස් පළ කළේ ය.

“මේ විෂය පථය භාරව කාට ද‍ තියෙන්නෙ ඒ වගේ ම විෂය සඳහා කටයුතු කරන්නේ කොහොම ද කියන එක ගැන ඒ නිලධාරිනිය දන්නේ නැතුව කටයුතු කරනවා. හුදෙකලා වුණු ඇය, හුදෙකලා සටනක් ගෙනියන බව පෙන්නන්න උත්සහ ගන්නවා. නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ මොහොත වන විට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අපේ අමාත්‍යංශ දෙකේ ලේකම්වරු දෙන්නත් දැන් එතනට ගිහිල්ලා තියෙනවා.

ඒ වගේ ම, අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් ඒ කාර්යය කරනවා. එසේ නොහැකි නම් විකල්ප දෙයක් අපි දෙන්න උත්සහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උන්මත්තකයත් උම්මත්තක විදහට කටයුතු කරන අයත් ඉන්නවා, නැතුවා නෙමෙයි. නමුත් මේ පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන්න අපි සූදානම්.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements