Featured News

Video Gossip

Advertisement

රෝගීන් බේරාගැනීමට ඉක්මෝ යන්ත්‍රයක් ඕනෑ - දැනට ලංකාවට ඇත්තේ කරාපිටිය රෝහලේ එක විතරයි 

පෙනහළු අක්‍රියවීමෙන් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා අවශ්‍ය ඉක්මෝ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා මැදිහත් වන ලෙස කොරෝනා වැළඳී මියගිය පළමු වෛද්‍යවරයා වන ගයාන් දන්තනාරායනගේ පියා වන වෛද්‍ය ඩී.වයි සරණතිලක ඉල්ලීමක් කරනවා.

එවැනි යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තමන් ඉදිරියේදී තම පුත්‍රයාගේ නමින් පදනමක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි සදහන් කළේ.
මියගිය 32 හැවිරිදි වෛද්‍ය ගයාන් දන්තනාරායනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ මීට මසකට පමණ පෙරයි.

රාගම ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයේ අවසන් වරට සේවයේ නියුතුව සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණේ ඔහුගේ අසාධ්‍ය තත්වය සැළකිල්ලට ගනිමින්.

පෙනහළු අක්‍රියවීමෙන් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ට අවශ්‍ය ඉක්මෝ යන්ත්‍රයක් අයි.ඩී.එච්. රෝහලේ නොමැතිවීම හේතුවෙන් එම යන්ත්‍රයක් පැවති කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඔහු මාරු කර තිබුණා.

කෙසේ වෙතත් දින කිහිපයක් අසාධ්‍ය තත්වයේ පසුවු වෛද්‍ය ගයාන්, පෙරේදා ජීවිතක්ෂයට පත්වුණා.

ගයාන්ගේ මව, පියා සහ බිරිඳ මෙන්ම බිරිඳගේ පවුලේ සාමාජිකයන්ටද වෛරසය ආසාදනය වී තිබූ අතර, ඔවුන් මේ වනවිට සුවය ලබා තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements