Featured News

Video Gossip

Advertisement

අමල් සහ හිරෝෂි මුලින් ආසාවෙන් ඉදලා තියෙන්නේ පුතෙකුට

පිය උරුමයෙන් ලද හැකියාව ජන්මයෙන්ම උරුමකර ගෙන සිටිය ද අමල් පෙරේරා යනු පියා ගැයූ ගීත වෙතින් යැපෙන ශිල්පියකු නොවේ. ගායන ක්ෂේත්‍රයේ දී ඔහු සතු විශේෂත්වය වන්නේ ඔහුට අනන්‍ය වූ හැකියාව වෙතින්, පෞරුෂමය සහ ප්‍රේමාන්විත හඬකින් සහ සංගීතමය හැකියාවෙන් ප්‍රේක්ෂකයින් පිනවීමය. විටෙක රැඩිකල් චරිතයක්, තවත් විටෙක විප්ලවකාරී චරිතයක් මෙන්ම පෙරළිකාරයකු මෙන් අපට දැනෙන, හැඟෙන අමල් මේ දිනවල ‘හාදු සුළඟකට’ අසු වී සිටින මොහොතකි. එනම් ‘හාදු සුළඟේ’ ඔහුගේ නවමු ගීතය නිසා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන මොහොතකි මේ.

හාදු සුළඟේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා හදට දැනෙනා
විකසිත සිහිනේ සරා

පිපුනාවේ පිපුනාවේ විහිද‌ා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැඟුණා... මට සිතුණා...
මට කීවා රහසින් පවා

හිරෝෂි රොමේෂිකා කියන්නේ කාලයක් පුංචි තිරයට නැතුවම බැරිවුණ චරිතයක්. කාලයක් ඇය ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්ව සිටියා, හිරෝෂි මුලින්ම කරලියට පැමිණෙන්නේ ඩාන්සින් ස්ටාර් තරඟයෙන්, පසුව ඇය ලංකාවේ අංක එකේ ගායකයෙක් වන අමල් පෙරේරා සමග යුග දිවියට එළඹුනා. දැන් ඇය මවක්. හිරෝෂි වැඩිපුරම කාර්යබහුල වෙලා තියෙන්නේ දරුවා නිසා කියලයි ඇය කියන්නේ. මවක් වුනාම ගොඩක් වගකීම් දරන්න වෙනවා එක පහසු දෙයක් නෙවෙයි නමුත් මම ඒ දේට කැමැත්තෙන්ම කැපවෙලා ඉන්නේ කියලයි හිරෝෂි කියන්නේ.

ඇයගේ සහ අමල් පෙරේරාගේ කුඩා දියණියගේ නම අමාශි පෙරේරා මේ දෙන්නම මුලින් ආසාවෙන් ඉදලා තියෙන්නේ පුතෙකුට. ඒත් දැන් හිතෙනවලු දුවෙක් ලැබුන එක හොඳයි කියලා. මොකද කොල්ලෝ හුරතල් වෙන්නේ පොඩිකාලේ විතරයි නේ ඒත් ගැහැණු ළමයි ලොකුවෙලත් හුරතල් වෙන නිසා ගැහැණු ළමයෙක් හොඳයි කියලයි අමල් සහ හිරෝෂි කියන්නේ. ඇය අමල් පෙරේරා ගේ සහ ඔහුගේ දෙවැනි බි‍රිඳ වන ජනප්‍රිය නිළි “ශිරෝෂී රෝමේෂිකාගේ ” දියණිය. ඉතින් බලන්නකෝ අමල් හිරෝෂි සුන්දර කැදැල්ල කෝච්චර ලස්සනයිද කියලා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements