Featured News

Video Gossip

Advertisement


හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි වන අතර වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 220ත් 240ත් දක්වා ඉහල ගොස් ඇත.
එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 450ත් 500ත් කැරට්, මෑකරල්, බංඩක්කා, තක්කාලි, බෝංචි, ක්‍රිලෝව රුපියල් 200ත් 240ත් අතර මිලකටද, ලික්ස්, ගෝවා, නෝකොල්, ක්‍රිලෝව රුපියල් 160ත් 180ත්, අතර මිලකටද වම්බටු, පතෝල, එලබටු, වැටකොලු, ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් අතර මිලකටද කරවිල ක්‍රිලෝව රුපියල් 350ත් 370ත් අතර මිලකටද දෙහි ක්‍රිලෝව රුපියල් 300ක් වැනි මිලකටද අලෙවි වනු ඇත.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට එලවලු මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග කැම පැකට්ටුවේ මිලද ඉහල දැමිමට සිදුවන බව නගරයේ සමහර හෝටල් හිමියන්ද පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ එලවලු වෙලදුන් කිප දෙනකුම පවසනුයේ මෙම දිනවලදි එලවලු මිල ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත එලවලු අලෙවියද දැඩි ලෙස පහල බැසිමත් සමග තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements