Featured News

Video Gossip

Advertisement

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කර  මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයටත් කිඹුලා ඇළේ ගුණාගේ සම්බන්ධයක්

මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කිඹුලාඇළේ ගුණා, ඔහුගේ පුත‍්‍රයා සහ පාතාල කල්ලි නායකයකු වන ‘බුම්බා’ ඉන්දීය පොලිසිය මගින් චෙන්නායි නුවරදී පෙරේදා (01)  රාතී‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

ශී‍්‍ර ලංකා පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසියට ලබාදී තිබූ රතු නිවේදනයක් අනුව ඉන්දීය පොලිසිය මගින් මෙම අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා  පැවසීය.

මෙම අපරාධකරුවන් තිදෙනා ඉන්දියාවේ චෙන්නායි නගරයේ නිවසක සැඟවී සිටියදී ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර විමර්ශන කටයුතුවලින් පසු ඔවුන් ශී‍්‍ර ලංකාවට භාරදීමට නියමිතව ඇති බව ද අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
ශී‍්‍ර ලංකාවට හෙරොයින් තොග පිටින් එවන මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානම පෙළේ ජාවාරම්කරුවකු බව කියන සින්නයියා ගුණසේකර නොහොත් කිඹුලාඇළේ ගුණා මීට වසර 15 කට පමණ පෙර ඉන්දියාවට පළා ගොස් තිබිණි.

කිඹුලාඇළේ ගුණා ඉන්දියාවේ චෙන්නායි නගරය කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අතර ඔහු යටතේ මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ප‍්‍රබලයන් කීප දෙනකුම සේවය කර ඇත.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින ස්ටැන්ලි කෙනඩි ප‍්‍රනාන්දු නොහොත් ‘බුම්මා’ නමැති අපරාධකරු පසුගිය කාලසීමාවේ කොටහේන ප‍්‍රදේශයේ සිදු කළ මිනිස් ඝාතන රාශියකට සම්බන්ධ පාතාල නායකයකු බව පොලිසිය පවසයි.

පූකුඩුකන්නා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග එක්ව පාතාල කල්ලියක් මෙහෙය වූ බුම්බා නමැති පාතාල නායකයා මීට වසරකට පමණ උඩදී ඉන්දියාවේ චෙන්නායි නගරයට පළා ගොස් කිඹුලාඇළේ ගුණගේ කල්ලියට සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව ද පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගෙන තිබූ අතර ඔවුන් ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින කිඹුලාඇළේ ගුණා, ඔහුගේ පුත‍්‍රයා සහ බුම්බාගෙන් ප‍්‍රශ්න කරමින් සිටින අතර පසුව ඔවුන් ඉන්දීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කර කොටි සංවිධානය විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සඳහා ද කිඹුලාඇළේ ගුණාගේ සම්බන්ධයක් තිබූ බව හෙළිදරව් වී තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගුණාගෙන් පොලිසිය ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට ද කටයුතු කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

කොළඹ දෙමළ පාතාලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ කිඹුලාඇළේ ගුණා මෝදර කිඹුලාඇළ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන දීර්ඝ කාලයක සිට පාතාල කණ්ඩායමක් මෙහෙය වීය.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින මෙම අපරාධකරුවන් තිදෙනා කඩිනමින් ශී‍්‍ර ලංකාව වෙත ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමඟ සාකච්ඡුා කරගෙන යන බව ද ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

මේ අතර විදේශගතව සිටින මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සියලූම පාතාල නායකයන්, හෙරොයින් ජාවාරම්කරුවන් ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනඒමට කටයුතු කරන බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements