Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ.

එහි මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්‍රීවරුන් 30 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේ 10 වැනිදා දහවල් පවත්වා තිබේ.

ඇමති විමල් වීරවංශ මහතා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන්ද පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහිදී අදහස් දක්වා ඇති අතර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව සමහර ඇමතිවරුන්ට සිහිපත් කර දෙන්නට සිදුවී ඇතැයි ඔවුන් පවසා ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ලබාගැනීමට එම මන්ත්‍රීවරුන් ලිපියකටද අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමේ ලිපිය අගමැතිවරයාට ඊයේ (10) පස්වරුවේදීම බාරදී ඇති බවද ආණ්ඩුපක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මේ අතර ආණ්ඩු පක්ෂයේ පසු පෙල මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) මාධ්‍ය හමුවක් කැඳවා ඇත.

අපේගම පරිශ්‍රයේදී මෙම මාධ්‍ය හමුව පස්වරුවේ කැඳවමින් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් පිරිසක් මීට සහභාගි වීමට නියමිතය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook