පුද්ගලයෙක් සමග රටින් පැන ගියා යැයි කීවා කියා ශෂී වීරවංශ රහස් පොලිසියට යයි | Shashi Weerawansa
gossip
,
gossip lanka
,
News
,
Politics
,
Shashi Weerawansa
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ විසින් අද රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
ඇය එමගින් පවසා ඇත්තේ තමන් වෙනත් පුද්ගලයෙක් සමග රටින් පලාගිය බව පවසමින් පසුගිය දින කිහිපයේ සමාජ ජාලා වලින් අසත්‍ය පුවත් පළ වූ බවයි.
ඒ හේතුවෙන් තමන් සහ තම දරු දෙදෙනා මානසික වශයෙන් හිංසනයට පත්වූ බව ඇය සදහන් කරයි.
ඒ ගැන පරීක්ෂණ කර වරදකරුවන්ට දඬුවම් දෙන්නැයිද ඇය ඉල්ලා සිටී.

