Featured News

Video Gossip

Advertisement


මෙරට විපක්ෂයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව වත්මන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කර සිටිනවා. ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට රනිල් වික්‍රමසිංහ හැර වෙනත් සුදුස්සෙකු නොමැති බවයි.
දේශපාලනික වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා යලි පාර්ලිමේන්තුවට පැමිණීමට ආණ්ඩු පක්ෂයට අහිතකර වුවත් ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙක් බවයි මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

ශක්තිමත් විපක්ෂයක් සැමවිටම අවශ්‍ය බවත් වත්මන් විපක්ෂය එලදායි නොවන බවද මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

මිට පෙර පැවති ඒකාබද්ධ විපක්ෂ වඩාත් එලදායි බව පෙන්වා දුන් අගමැතිවරයා වත්මන් විපක්ෂය තුල පවතින භේදවීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බවද කියා සිටියා.

ප්‍රබල විපක්ෂයක් සිටින විට ආණ්ඩු පක්ෂයට සෑම විටම නිසි පරිදි පාලන තන්ත්‍රය පවත්වගෙන යෑමට සහ ඊට අභියෝග කිරීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements