Advertisement

කුණු වලින් විදුලිය නිපදවීම කවුරුත් ගන්න පොරකන "ගරුත්වයේ" සැබෑ හිමිකරු කවුද ?

කැළි කසල එකතුකිරීම මිලියන් ගනනින් බිලියන් ගනනින් ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක් කැළි කසල එකතුකර වෙනත් ඉඩමක ගොඩගැසීමෙන් ඔවුන් එම ලාභය උපයාගන්නවා. කොළඹ නගරයේ එකතුවෙන කැළි කසල පළමුව බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගොඩගැසීම සිදුකලා. පසුව එම කුණු මීතොටමුල්ල ප්‍රදේශයට උසාවි නියෝගයක් අනුව එම කුණු රැගෙන යාමට සිදුවුනා. එම සිදුවීමත් සමග මීතොටමුල්ල ජනතාව සහනයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නේ කුණු වලින් නිදහස් වීමේ අරමුනෙන්. එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහනගර සභාවට දෙන නියෝගය අනුව කොළඹ මහනගර සභාවට සිදුවනවා ටෙන්ඩර් කැඳවා කුණු ප්‍රශ්ණය විසදීම උදෙසා සුදුසු ආයතනයකට බලය පැවරීමට. වෙස්ටර්න් පවර් සමාගම අදාල ටෙන්ඩරය සඳහා ඉදිරිපත්වී එම ටෙන්ඩරය ලබාගනු ලබනවා.
එවකට ජර්මනියේ කොන්සල් ජෙනරාල්වරයා ලෙස සේවය කරනු ලබන්නේ JR ජයවර්ධනයන්ගේ මුණුබුරා වන ප්‍රදීප් ජයවර්ධනයන්. ඒ වන විටත් ජර්මනිය විසින් කැළි කසළ ගැටලුවට විසඳුම් ලෙස භාවිතා කරන විවිධ ක්‍රම ගැන වාර්ථාවක් සකසා ප්‍රදීප් විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර තිබුනත් කුමන හෝ හේතුවක් මත එම යෝජනා ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් කොළඹ මහනගර සභාව ඉදිරිපත්කල ටෙන්ඩරය ලබාගත් වෙස්ටර්න් පවර් සමාගම ප්‍රදීප් ජයවර්ධනයන් ගේ වටිනාකම අවබෝධකරගනු ලබනවා. ජර්මනියේ සිටින ප්‍රදීප් සමගින් සම්බන්ධවන වෙස්ටර්න් පවර් සමාගම එම සමාගමේ උපදේශකයෙක් ලෙස ප්‍රදීප් ජයවර්ධනයන් පත්කරගෙන ලංකාවේ කැළි කසළ ගැටලුවට විසඳුම් සෙවීමේ උත්සාහයේ නිරත වනවා. එහි අග්‍රපලය ලෙස එලිදකින්නේ හෙට (17) ලක්මාතාවට තිලිණ වන 10 MW විදුලි ව්‍යාපෘතිය.

මෙම විදුලි බලාගාරය සඳහා කොන්ක්‍රිට් හැරුනු විට අනෙකුත් සියලුම කුණු කසල යොදාගත හැකිවීම විශේෂත්වයක් එමෙන්ම කිසිදු පරිසර හානියක් නොවන ලෙස දහනයෙන් පහල ඉතිරිවන අළු ගොඩනැගිලි ඉදිකිරීමට ගන්නා ගඩොල් නිශ්පාදන කිරීමට භාවිතාකල හැකි අතර චිමිනියෙන් එලියට යාමට නියමිත අළු (fly ash) රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් ඝන ද්‍රව්‍යක් බවට පරිවර්ථනය කරමින් තාක්ෂණයෙන් සුරක්ෂිත කරමින් තෝරාගත් ඉඩමක තැන්පත් කිරීම සිදුවනු ඇති. එසේනම් මේ බලාගාරයෙන් එලියට යන එකම දේ විදුලිය පමණමයි.

කොළඹ නගරයේ දිනකට කුණු මෙට්‍රික් ටොන් 1100 -1200 ක් අතර ප්‍රමාණයක් එකතුවෙනවා මෙම බලාගාරයෙන් පමණක් මෙම 10 MW නිපදවීමට කුණු මෙට්‍රික්ටොන් 700 ක් අවශ්‍ය වනවා. එමෙන්ම මීට සමාන්තරව තවත් විදුලිබලාගාර දෙකක් එකතුවීමට නියමිතයි. එවිට කුණු යනු කරදරයක් නොවෙයි රටට විදුලිය ලබා දෙන සම්පතක් පමණයි. කැළි කසල

කවුරුන් කෙලෙසක තර්කයන් ගොඩනැගුවත් මේ මහා ව්‍යාපෘතිය පිටුපස හිඳිමින් අපමන භාධක මැද මේ සිහිනය යතාර්ථයක් කල නිහඬ විරුවා ප්‍රදීප් ජයවර්ධනයන් මයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements