Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඒ වෙනුවෙන් නිදි මරපු දවස්, බඩගින්නේ හිටපු දවස් අනන්තයි

බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් අවුරුදු 15දී තමයි ඇය ඇයගේ විශාරද උපාධිය සම්පුර්ණ කරලා තියෙන්නේ. නිරූපණයනම් ඇයගේ වෘත්තිය නෙමෙයි කියලා තමයි ඇයනම් කියන්නේ. ඇය නිරූපණය කරන්නේ විනෝදාංශයක් වශයෙන්ලු. ඉතින් කලා නිර්මාණවලින් කාලයක් පුරාවටම ඇයව දකින්නට නොලැබුණත් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ත්‍රිකලා ගැන නැවතත් කතාබහක් මතු වෙලා තිබෙනවා.

ඒ ඇය මිලදී ගෙන තිබුණු අළුත්ම මෝටර් රථය නිසා. ඒ RANGE ROVER වර්ගයේ මෝටර් රථයක්. ත්‍රිකලා නම් කියන්නේ මෙය ඇගේ ජීවිතයේ එක් සිහිනයක සැබෑවීමක් කියලා. ඉතින් ඇයගේ ජීවිතේ මේ සිහිනය සැබෑ වීම ගැන ඇය ඇයගේ සමාජජාලා ගිණුමේ අපූරු සටහනක් තබා තිබුනේ මෙන්න මේ විදිහටයි.


තවත් එක ආසාවක් ඉටු උන දවසක්. RANGE ROVER, ජීවිතේ කියන්නේ රේස් එකක් වගේ දෙයක්. හැබැයි මගේ රේස් එකේ, තරඟ කාරයොත් නෑ. දිනුම් කනුවකුත් නෑ. මොකද, කාත් එක්කවත් තරඟයක් නැති කෙනා හැම තත්පරේම ඉන්නේ දිනලා. අවුරුදු තිහ වෙන්න කලින් අනිවාර්යයෙන් හැබෑ කරගන්නවමයි කියලා හීන තුන හතරක් තිබ්බා. එයින් එකක් තමා මේ. ඒ වෙනුවෙන් නිදි මරපු දවස්, බඩගින්නේ හිටපු දවස් අනන්තයි. කිසිම වෙලාවක බැහැ කියලා සිතුවිල්ලක් මට ඇවිල්ලම නෑ. ඒ නිසා ධනාත්මක සිතුවිලි විතරක් මම විශ්වයට මුදා හරිනවා. ඒ නිසා මට විශ්වයෙන් ලැබෙන්නේ ධනාත්මක ශක්තිය. මම විස්වාස කරන එකම ධර්මතාව ඒක. සල්ලි පස්සේ දුවන්න එපා. සල්ලි වලට ඔයාගේ පස්සෙන් දුවන්න දෙන්න. මගේ තේමාපාඨය අන්න ඒක. මගේ followers ලා දහස් ගණනක් අතරින් එක්කෙනෙක් දෙන්නෙක් හරි, මේකෙන් ආදර්ශයක් ගනීවි කියලා, ඔයාලා එක්ක මගේ කතාව share කරගන්න හිතුණා. ආදරෙයි. ජය වේවා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook