Advertisement


නිවුන් දරුවන් හත් දෙනෙක් 2021 වසරේ එක් පාසල ප‍්‍රාථිමක අංශයේ පළමු වසරට ඇතුලත් කිරිමේ සිද්ධියක් ගැන අපිට දැන ගැනිමට හැකි විය. එම වීරල සිදු විම ලක් ඉතිහාසයේ පාසලකින් අපිට අසන්නට ලැබුණේ මුල් වරටය. පාසල කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයයි.

පළමු ශ්‍රේණියට මෙවර නිවුන් දරුවන් හත් දෙනෙක් ඇතුලත් විම එම පාසලේ ඉතිහාස ගත වන සිදුවිමකි.

අතුලත් වු නිවුන් පිරිමි දරුවන් 7 දෙනා පවුල් තුනකට අයත් වන අතර එක් පවුලකින් නිවුන් දරුවන් තුන් දෙනෙක් සහ අනික් පවුල් දෙකෙන් නිවුන් දරුවන් දෙදෙනා බැගින් සිව් දෙනෙකු විය.

වසර 154 ක් තරම් දිගු ඉතිහාසයක් ඇති මෙම පිරිමි පාසල මේ වන විට දරුවන් 3000 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන අතර උසස් පෙළ දක්වා පන්ති පවත්වන පිරිමි පාසලකි.

එක් පවුලකින් පැමිණි නිවුන් දරුවන් සහෝදර තිදෙනා එක් පන්තියකටත්, අනික් නිවුන් දරුවන් සහෝදර ජෝඩු දෙක එක් පන්ති කාමරයකට එක් ජෝඩුවක් ලෙස පන්ති කාමර දෙකකට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුණු අතර එම පන්ති කාමර වල ආචාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරන කාන්තා ගුරුවරියන් විසින් මේ විශේෂ සිදු විම අලූත් අත්දැකිමක් ලෙසත් පාසලේ සහ තම ගුරු වෘත්තියේ විශේෂ අත්දැකිමක් ලෙසත් සලකමින් සිදු විම ගැන කතා කළාය.

මෙම දරුවන්ගේ කෙටි නම යොදා කමිසයේ සවි කර ඇති ටැග් එක මාර්ගයෙන් දරුවන් හදුනා ගැනිමට හැකි වන නමුත් දරුවන් එක වර හදුනා ගැනිම පහසු වන්නේද නැත.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements