Advertisement


50 හැවිරිදි ධනවත් විවාහක සංචාරක හෝටල් හිමියකු 24 හැවිරිදි පෙම්වතිය සමඟ මුහුණු පොතින් පෙම් සබඳතා පවත්වා ඇය සමඟ සමීපව ලිංගිකව හැසුරුණු ආකාරය අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු කළ තර්ජනය නිසා එම පෙම්තිය එල්ලී දිවි හානිකර ගැනීමේ සිද්ධියක් මීගමුව පොලිසියෙන් පෙරේදා (16දා) වාර්තා විය.
මීගමුව වැල්ලවීදියේ පදිංචිව සිටි තරුණිය වසර කීපයක් සංචාරක හෝටල් හිමියා සමග සම්බන්ධතා පවත්වා තිබේ. එහිදී ඔවුන් ඉතා සමීප සබඳතා පවත්වා ඇත. පසුව තරුණිය හදිසියේ තම නිවසේ එල්ලී දිවි හානිකර ගෙන ඇත.

ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ ස`ගවා තිබූ ලිපියක් හමුවී ඇත. එම ලිිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන් දෙදෙනා ලිංගිකව එක්වූ ඡුායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා සඳහන් කළ බවත් ඒ පිළිබඳව තමා දැඩි කලකිරීමට පත්ව ඇති බවත්ය.

දිවි හානිකර ගත් තරුණිය අවස්ථා ගණනාවකදී ලිංගිකව හැසිරී ඇති බව වෛi පරීක්‍ෂණවලින් හෙළිදරව් වී ඇත. ඒ අනුව පොලිස් විමර්ශනවලදී දිවි නසාගත් තරුණියගේ පෙම්වතා 50 හැවිරිදි දෙදරු පියකු වන මීගමුව කුඩාපාඩුව මෙන්ඩිස් මාවතේ පදිංචි ශ‍්‍රීලාල් ප‍්‍රනාන්දු නමැත්තකු බවට හෙළිදරව් වී ඇත.

ඒ අනුව එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් අත්අඩංගුවට පෙරේදා (16 දා) ගෙන ඇත. මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ. ජයනාත් මහතා විමර්ශන කටයුතු සිදු කරයි.

මීගමුව සමූහ - විමල් කීර්ති

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements