Advertisement


තලාව ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රිවරුන් අට දෙනෙකු ඇතුළු 28 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක මහතා කියයි.

මේ හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතර කර ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ විසි දෙනකුට ඊට ඇතුළත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ,ප්‍රධාන සහකාර කළමණාකාරවරිය හා සභාපතිවරයාගේ රියදුරා ඇතුළු වේ.

කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමග සෘජුව සම්බන්ධතාවයක් නොපවත්වන අනෙක් සේවකයන්ද අහඹු පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේදී ඉන් එක් අයකු ද මෙම රෝගයට ගොදුරු වී ඇති බව හදුනාගෙන තිබිණි.

මේවන විට තලාව,මොරගොඩ,එප්පාවල,කටියාව,කැළේ සියඹලෑව,ඇදගල,නල්ලමුදාව ,තඹුත්තේගම ආදී ප්‍රදේශවල පවුල් 60ක සමාජීකයන් 130ක් පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද දිසානායක මහතා පැවසීය.

මෙයට අමතර මෙම කාර්යාලයේ සේවය කරන ගල්ගමුව, නාච්චාදුව, යනාදි ප්‍රදේශවල පදිංචිකරුවන් සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් දැනුවත් කළ බවද ඒ මහතා සදහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements