Advertisement


චීනය සමඟ ගනුදෙනු කරද්දී, කල්පනාවෙන් කටයුතු කරන බවත්, අසල්වැසි ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය පවසයි.

බංග්ලාදේශය වෙනුවෙන් 'අයි.බී. ටයිම්ස්' පුවත්පතතට මෙසේ අදහස් දක්වා ඇත්තේ, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරන ගවුහර් රිස්වි ය.

දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් මේ වනවිටත් චීනයේ 'ණය උගුලට' හමුවී ඇති බවත්, ඔවුන්ට චීනයේ බලපෑමට යටත් වීමට සිදුවී ඇති බවත් ගවුහර් රිස්වි පැහැදිලි කර තිබේ.

චීනය සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු හැටි හොඳින් අවබෝධ කර ගනිමින් සහ එයින් පාඩම් ඉගෙන ගනිමින් චීනය සමඟ ගනුදෙනු කරද්දී බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් කටයුතු කරනවා යැයි ද ගවුහර් රිස්වි අවධාරණය කර තිබේ.

අයි.බී. ටයිම්ස් ඇසුරිනි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements