Advertisement


මෙ දක්වා රජයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවත්වා යනු ලැබූ කොළඹ ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගිතාවය යටතේ වැඩිදියුණු කිරීම සඳහා සොෆ්ට් ලොජික් සමාගම වෙත බදු දී ඇතැයි දැනගන්නට ලැබේ.

සොෆ්ට්ලොජික් සමාගම සහ නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය දා කුලී බදු ගිවිසුමකට අත්සන් තබා ඇත්තේ එහි අයිතිය හැර අනෙක් සියලු කටයුතු වසර 10 කට නිදහසේ කිරීමේ අයිතිය සොෆ්ට්ලොජික් සමාගමට පවරමිනි.

ඒ යටතේ කළමනාකරණය, නඩත්තුව, මෙහෙයුම්, ගොඩනැගිලි භාවිතය ඇතුළු සියලු සේවාවන් පවත්වාගෙන යාමට අවසරය ලබාදී ඇත.

අක්කර හතරහමාරක විශාලත්වයකින් යුත් ආකේඩ් පරිශ්‍රය කඩ කාමර 42 කින් සමන්විතයි.

නව අංග රැසක් හඳුන්වා දී එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට මෙයින් බලාපොරොත්තුවන බව අධිකාරිය දන්වා තිබේ.

මීට වසර කිහිපයකට පෙර ඔටාරා ගුණවර්ධනට අයත් ඔඩෙල් සාප්පු සමූහය මුළුමනින් අත්පත්කරගන්නට සොෆ්ට් ලොජික් සමාගම කටයුතු කරන ලදි.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට අනුබද්ධව ඉදිකර පසුගියදා විවෘතවූ වන් ගෝල්ෆේස් සාප්පු සංකීර්ණ පරිශ්‍රයේද වැඩි සාප්පු ප්‍රමාණයක් සොෆ්ට් ලොජික් සමාගම මගින් බද්දට ගෙන තිබෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements