Advertisement

වේල්ල වීදියේ කාන්තා මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවූ කරුණු මෙන්න

කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක තිබී සොයා ගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ.

ඒ අනුව, මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාවගේ හිස සිරුරෙන් වෙන්කර ඇත්තේ, ඇය ඝාතනය කිරීමෙන් පසුව බවය.

එමෙන් ම, අදාළ කාන්තාව ගැබිනියක නොවන බවටත් වස දී ඝාතනය නොකළ බවටත් එහි දී අනාවරණ වී තිබේ.

තව ද ඇයට පහර දීමක් සිදු නොවී ඇති බවත් ශරීරයේ තුවාල නොමැති බවත් අනාවරණ වී ඇත.

වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මරණය හඳුනාගත් ඉකුත් 1 වන දා දහවල් 1.30ට පෙර ගත වුණු පැය 24ක කාලය තුළ අදාළ ඝාතනය සිදු වී ඇති බවට අනාවරණ වී ඇති බවය.

කෙසේ වෙතත්, මළ සිරුරේ හිස කොටස නොමැති වීම හේතුවෙන් මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ නොහැකි බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

මළ සිරුරේ හිස නොමැතිවීම හේතුවෙන් එහි අනන්‍යතාව තහවුරු කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණය පමා කිරීමට පොලිසියට සිදු විය.

පසුව සිදු කළ ඩී.එන්.ඒ. පරීක්ෂණ හරහා ඝාතනයට ලක් වූ කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙලෙස පශ්චාත් පරීක්ෂණය පැවැත්වීමට පොලිසිය කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ අදාළ කාන්තාවගේ හිස සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක ය.

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මග දමාගොස් තිබියදී කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඉකුත් 1 වන දා සොයා ගත් බව පොලිසිය පැවසීය.

වේල්ල වීදියේ වෙළෙඳ සලක් ඉදිරිපිට දීර්ඝ වේලාවක් සැක සහිත ගමන් මල්ලක් ඇති බවට වේල්ල වීදිය පොලීසියට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සහිත ගමන් මල්ල පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

පසුව සිදු කළ විමර්ශන අනුව, අදාළ ඝාතනය සිදු කළ බවට සැක කරන උපපොලිස් පරීක්ෂකවරයෙකු හඳුනා ගැනුණු අතර ඔහු සිය නිවස ආසන්නයේ කැලයක සිය දිවි නසා ගෙන සිටියදී සොයා ගැනිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements