Featured News

Video Gossip

Advertisement


පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රජයේ රෝහල්වල ගිලන්රථ ටයර් නැතිව කොට උඩ .ඇදන් ඉල්ලා සිටි රෝගියෙකුට විරුද්ධව පොලීසියට පැමිණිලි.

රජයේ රෝහල් කිහිපයක් සතු ගිලන් රථ වල ටයර් නොමැතිවීම නිසා මේ වන විට එම ගිලන් රථ ධාවනයෙන් ඉවත් කර ඇත. තවත් ගිලන් රථ වල ටයර් ගෙවී ඇති නිසා ධාවනය කරන්නේ අනතුරුදායක ලෙසය.එම හේතුව නිසා ඊයේ දිනයේදී ගාල්ල ප්‍රදේශයේ රෝහලකින් රෝගියෙක් වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් එම රෝගියා මිය ගොස් ඇත.

තවද හදිසි අනතුරකට භාජනය වී කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ආපානශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා තමාට බිම වැතිර සිටීමට නොහැකි බව පවසා නිදා ගැනීමට ඇදක් ඉල්ලා සිටිම හේතුවෙන් අදාල වාට්ටුවේ වෛද්‍යවරයා විසින් අසේල සම්පත් මහතා රාජකාරියට බාධා කල බව පවසා රෝහල් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පොලීසිය විසින් අසේල සම්පත් මහතාගෙන් කටඋත්තරයක් ලබාගෙන ඇත.

වෛරස් තත්වයක් රටතුළ ඇතිවී තිබෙන මෙම අවස්ථාවේ රෝහල් පද්ධතිය පිළිබද සොයා නොබලන බළධාරීන් විසින් මෙරට රෝගීන්ට සිදුකරනුයේ බලවත් අසාධාරණයකි.

ජනාධිපතිතුමනි වහාම අප රෝහල් පද්ධතිය පිළිබදව සොයා බලන ලෙස බලධාරීන්ට උපදෙස් දෙන්න.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements