Advertisement


පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරාගේ නියෝගය මත බව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අනාවරණය කරයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර ඔහු මෙරට සුප්‍රකට සීනි බදු වංචාවේද හවුල් කරුවෙකි. සීනි බදු වංචාව වන සමයේ නුෂාඩ් පෙරේරා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සීනි බදු වංචාවේ ව්‍යාපාරික සජාත් මවුසූන්ගෙන් වැඩි මිලට සීනි ලබාගෙන සතොසටද පාඩුවන අයුරින් ලබාගත් මිලටත් වඩා අඩුවෙන් සීනි අලෙවි කිරීමේ වංචාසහත කූඨ ගනුදෙනුව සිදු කළේ නුෂාඩ් පෙරේරා විසිනි.

ඉන් පසු ඔහු සතොසෙන් ඉවත් කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

එම නුෂාඩ් පෙරේරා දැන් සිදු කර ඇත්තේ සීනි බදු වංචාවටත් වඩා දරුණු අපරාධයකි.

ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබූ, සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සිදු කළ පරීක්ෂාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බව නුෂාඩ් පෙරේරා සහතිකයක් ලබාදී ඇත.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සඳහන් කරන්නේ සමාගම් දෙකක් පොල්තෙල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ අසූතුන්දහස් පනස් පහක් (183,055Kg) ආනයනය කර ඇති බවය.

lankatruth

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements