Featured News

Video Gossip

Advertisement


ගුවන් සේබලාගේ විවහා දිවියට බාධා කරමින් ගුවන් සේබලාගේ බිරිදට අයුතු බල පෑම් කරමින් කරදර කල පුද්ගයකු‍ ගේ ගෙල කපා ඝාතනය කල පුවතක් සීගිරිය පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්ථාවන අන්දමට පොලිසියට ඊයේ පාන්දර ( 2021 3 30) පැමිණි අඔු සැමි යුවලක් පවසා ඇත්තේ තම බිරිදට නිතර බල පෑම් කල පුද්ගලයකු බිරිද විසින් ඝානය කල බවත් මල මළ සිරුර සීගිරි මාර්ගයේ අසල කෑලැ රොදක ඇති බවත් තමන් පොලිසියට බාර වීමට පැමිණි බවත්ය.
ඒ අනුව දෙදනාම අත්වඩංගුවට ගත් ‍සිගිරිය පොලිසිය අදාල ස්ථානය පරික්ෂා කිරිමේදි සිරුර සොයාගෙන ඇති අතර සපුව සිදු කල පරික්ෂණ වලදි පොලිසියට භාර වු දෙදනාගෙ පාපොච්චාරණ මත මිය ගිය පුද්ගලයාගෙන් සෙබල බිරිදට සිදුවන බලපෑම් දරාගත නොහැකිව ඇය විසින්මෙ මෙම ඝාතනය සිදු කල බව පවසා ඇත

ඒ අනුව ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ සේවය කරණ සේබලයෙකු තම ගම් ප්‍රදේඹය වු මැල්සිරිපුර වාසය කර ඇති අතර සෙබලා සේවයට ගිය පසු තනිවන සේබලාගේ තරුණ බිරිද සමග මිය ගිය පුද්ගයා කාලයක් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත.

ගුවන් සේබලාට හා ඔහුගේ බිරිදටද දරුවන්ව දෙදනෙකු සිටින අතර ඇය සමග අනියම් ඇසුර පැවැත්වු මෙම මිය ගිය පුද්ගලයා මැල්සිරිපුර නෑ බැට, අලුත්ගම , ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු බවත් ඔහුගෙන් තම බිරිද හා දරුවන් බේරාගෙන පවුල් දිවියක් ගත කිරිමට සිතා මැල් සිරි පුර පුදේශයෙන් ඉවත්ව දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ කුලි නිවසකට පදිංචිව සිට ඇති අතර මිය ගිය පුද්ගලයා එම නිවසට අසලට නිතර පැමිණිම හා බල පෑම් කිරිම නිසාවෙන් ඉනාමලුව කුලි නිවසින් ඉවත්ව මිට දින 10කට පමණ පෙර ගුවන් සේබලාගේ රාජකාරි ස්ථානය වු සිගිරිය හමුදා කදවුරට ආසන්න සිගිරිය ප්‍රදේශයේ කුලි නිවසකට පදිංචිව සටි ඇත.

එහෙත් අදාල පුද්ගලයා‍ගේ බලබෑම එම පුදේශයේ සිටියදීද නිතර එල්ල වි ඇති අතර පසුගිය 29 රාත්‍රි යේදි ද කුලි නිවස ආසන්නයට පැමිණ සිදුකල බල පෑම් දරාගත නොහැකිවු මෙම කාන්තාව අදාල පුද්ලයාට පහර දි ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසියට පපොච්චාරණය කර ඇත.

මිය ගිය පුද්ලයාගේ ඥාතින් හා අසල් වාසින්ද ඊයේ සිගිරිය පොලිසියට පැමිණ පරික්ෂණ වලට සහය පලකර ඇති අතර ඔවුන් පවසන අන්දමට මිය ගිය පුද්ගලයා විවහා වි දරුවන් තුන්දෙනකු සිටින බවත් බිරිද හා දරුවන් නිවසින් බැහැරකර තනියම වසය කොට ඇති බවත් ඒ මෙම ඝතනය කල බව කියන කාන්තාව සමග ඇතිකරගත් අනියම් ඇසුර නිසාවෙන් බවත් පවසා ඇත.

කෙසේ වුවද මිය ගිය පුද්ගල සිරුර පිලිබදව විද්‍යාත්මක සාක්ෂි තහවුරු කර ගැනීමට පොලිස් පරියේෂණ කණ්ඩායම් විසින් පිරික්ෂන සිදු කල අතර මෙම ඝාතනයට ගුවන් සේබලාගේ සම්බන්ධයක් ඇද්ද නැද්ද යන්න පිලිබදව සිගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කොබ්බෑකඩුව මහතාගේ මෙහේවීමෙන් පොලිස් කණ්ඩායමක් පර්ක්ෂණ සිදු කරයි

– මහින්ද උදයසිරි දඹුල්ල

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements