Advertisement


බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග සමීප සබඳතා පවත්වමින් එම ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා ආධාර අනුබල දී ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ වන විට රැුඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන සැකකාර අසාද් සාලි ශී‍්‍ර ලංකා ජනරජයේ ස්වාධිපත්‍යට හානිවන අන්දමින් මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද එහිදී සිය විමර්ශන වාර්තා මගින් පෙන්වාදී තිබූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරු මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී විමර්ශන නිලධාරීන්ට යම් බලපෑමක් සිදුකර ඇති ආකාරයක් පෙනී යන බවත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ද නිකුත් කළ අවසන් වාර්තාවේ සඳහන් කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික ශී‍්‍ර රාගල මහතාට වාර්තා කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements